යාල වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා විවේක ස්ථානයක් (Resting Place) ඉදිකිරීමට තීරණය කර තිබේ.
යාල වනොද්‍යානයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රයට වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සහිත වේ.
වනජීවී දෙපාර්තමේන්තුව මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.