saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5009 hours ago

LATEST

බොරතෙල් නැවක් 13දා කොළඹට

calendar_today 2022 අගෝ 10 - 11:44 remove_red_eye - 561  

බොරතෙල් රැගත් නෞකාවක් ලබන 13දා මෙරටට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන 2022 ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන ගිනිපෑගීමේ උත්සවය ඊයේ (09දා) රාත්‍රී කතරගම දේවාලය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

විදුලි බිල සියයට 75කින් ඉහළ දැමීමට පෙර අදාල තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධිලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ඔහුගේම නැගණිය හා පුද්ගලයින් පස් දෙනෙකු හදුනා නොගත් මත් කරල් 900 ක් අයිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 240 ක් සහ අලෙවි මුදල් රුපියල් 20400 ක්ද සමග ඉකුත් 08 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

Read More

රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මහනුවර ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහර හෙට (11දා) නිකිණී පෙහෝ දිනයේ වීදී සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.35ට වයඹ දිශාභිමුඛව පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ව ඇත.

Read More

තැපැල් ගාස්තුද ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

කොටහේන, ශාන්ත බෙනඩික් මාවත ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් තමන් පොලීසියෙන් බවට පවසා නිවැසියන් බිය ගන්වා, නිවසේ හිමිකරුගේ හිසට ගිනි අවියක් එල්ල කර ඔහුගේ දෑතට මාංචු දමා නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මුදල් හා රන් භාන්ඩ කොල්ලකෑ කොල්ලකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ යුවාන් වැංග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය හා එම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට රජය ගත් පියවරට විරෝධය දක්වමින් චීනයේ සමාජ මාධ්‍ය වේදිකාවක් චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන ලද ප්‍රවර්ධන වැඩසටහනක් අත්හිටුවා තිබේ.

Read More

රුසියාව නියෝජනය කරමින්, එරට විදේශ ඇමතිවරයා නිව්යෝක් නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පැමිණෙන බව දැනුම් දෙයි.

Read More

ග්‍රීක අගමැති කයිරියාකොස් මිට්සොටාකිස් විසින් විපක්ෂ නායකයාගේ දුරකථනය ටැප් කිරීමේ මෙහෙයුමකට හවුල් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දැඩි විවේචනයකට සහ ජනතා අප්‍රසාදයකට පත්ව තිබේ.

Read More

තහනම් උත්තේජක ශරීරගතව තිබීමේ ‌චෝදනාවට වරදකරු කරමින් ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ.

Read More

කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයද වෙනස් කරනු ඇති අතර, ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

Read More

සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11 කට අධික පාඩු සිදු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය.

Read More

ට්‍රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වීමේ සූදානම සමග ඔහු වෙත මෙම බලපෑම් සිදුවන බවත්, මෙය ඇමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු යුගයක් බවත් ට්‍රම්ප් පවසා තිබුණි.

Read More

රට තුළ පවතින විදේශ විනිමය ගැටලුව මත පසුගිය කාලය තුළ විවිධ අත්‍යාවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව සීමා කර තිබේ.

Read More

2022 අගෝස්තු 9 වැනි දින කෙන්යාවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

මෙම වසරේ ඉදිරි මාස 04ක රජයේ වියදම් ලෙස බිලියන 3275ක (3,275,876,558,000) 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

මගී ප්‍රවාහන පුද්ගලික බස්රථ සඳහා ඩීසල් ලබාදීම සීමා කර තිබුණද අද (09දා) සිට පුද්ගලික බස් රථ සඳහා සම්පූර්ණ ඩීසල් ප්‍රමාණයම ලබාදීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

පන්නිපිටිය පොල්වත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී රිවෝල්වරයක් සමග මිලිමීටර් නවය වර්ගයේ උන්ඩ පහක් ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .

Read More

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9දා) පත් කරනු ලැබිණි.

Read More

විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මීගොඩ ප්‍රදේශයේ නිවසක වැඩි මිලට විකිණිම සඳහා සඟවා තිබූ ඩිසල් ලීටර් 1000ක් සමග පුද්ගලයෙකු අද (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

Read More

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් මහතා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගල් වලකින් පහළට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

Read More

උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියයන් දින අටකට පසු බදුල්ල සිට කොළඹට , කොළඹ සිට බදුල්ලට ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය අද (09දා) පියවර ගෙන තිබුණි.

Read More

විදුලිය ගාස්තුව සියයට 75ක අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වාත්, බත් පාර්සලයක මිල සියයට 10කින් ද අඩු කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.