මස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද ප්‍රධාන මාර්ගයේ නායයාම් සහ ගල් පර්වත පෙරලිමේ දැඩි අවධානමක් සහිත ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මේ වන විට ආරම්භ කර ඇත.
මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිණි ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ඉහලින් විශාල ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලි තිබු අතර, තවත් ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලිමේ අවධානමක් පැවති අතර, එම මාර්ගයේම මුල්ගම මංසන්ධියේ නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ ස්ථාන දෙකේම ගමනා ගමන කටයුතු වලට එක් මංතිරුවක් පමණක් සිමා කර තිබුණි.
උදුවප් පොහෝ දිනයෙන් ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරිමට ශ්‍රි පාදස්ථනාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් අදාල බලධාරින්ගෙන් කල ඉල්ලිමක් මත එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරු රංග දේවප්‍රිය මහතා කියා සිටියේ ශ්‍රි පාද වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ග සියල්ලක්ම ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගෙන ඇති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ආපදා අවම කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම ආයතනයේ මිලියන 278 ක ප්‍රතිපාදන යටතේ අදිර කිහිපයක් යටතේ එම නායගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර , ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම නායගිය ස්ථානයේ රථ වාහන ධාවනයට මංතිරු දෙකම විවෘත කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරියෙකු පැවසිය.
