මුහුදු කූඩැල්ලන්, ඉස්සන් වගාව හා ටින් මාලු කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීමට ජපානයේ ප්රමුඛ පෙලේ ආයෝජකයින් පිරිසක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී කැමැත්ත පළ කර තිබේ.
තවද මෙහිදි එය ආයෝජනය කරන ආකාරය පිළිබදව ව්‍යාපෘති වාර්ථා කිහිපයක් ද ඉදිරිපත් කළ ඔවුන් ඒ පිළිබදව කඩිනමින් ක්‍රියා කිරීමට බලා පොරොත්තුවන බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ආයෝජකයින්ට ආයෝජනය සදහා ඉතා යහපත් ස්ථානයක් බවත්, ඒ සදහා අවශ්‍ය වාතාවරණය දැන් නිර්මාණය වන බවත්, ඒ සදහා ජපානය වැනි රටක ආයෝජකයින් පැමිණිම පිලිබදව තමන් ඉතාමත් අගය කරන බව අමාත්‍යවරයා පැවසීය.
