ලබන 15දා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට සමගාමීව තැපෑල තුලද වෙනසක් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ
අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ වරදකරුවී දැනට බන්ධනාගාරගතව සිර දඩුවම් නියම වි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ට ජනාධිපති සමාව ලබා ගැනීම වෙනුවෙන් වූ ලිපි ලේඛණවලට අත්සන් තබා තිබේ.
Read Moreරජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරනය කර තිබේ.
Read Moreඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රිය මුර සංචාරක ගුවන් යානය ලබන 15 වෙනිදා නිල වශයෙන් ගුවන් යානා බල ඇණියට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
Read Moreමේ වසරේ ජුනි මාසය හා සැසදීමේදී ජුලි මාසයේදි විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 5කින් ඉහළ ගොස් තිබේ.
Read Moreචීනයේ යුවාන් වැංග් හම්බන්තොට වරායට පැමිණීමට විරුද්ධ වීමට ඉන්දියාව හා ඇමෙරිකාව නිශ්චිත හේතු ඉදිරිපත් කිරීමට අපෙහොසත්වීම හේතුවෙන් එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය ඊයේ (12දා) අවසර ලබා දී ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
Read Moreනුවරඑළිය ප‍්‍රදේශයේ සිට කොළඹට එළවළු ප‍්‍රවහානය කරන ලද ලොරි රථයක් අම්බුළුවාව බැවුම් සහිත මාර්ගයේ ගමන් කරමින් සිටියදි වංගු සහිත ඉහළ මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරළි යෑම නිසා එහි ගමන් ගත් රියදුරා සහ සහායකයා බරපතල තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කරන ලද බව ගම්පොල පොලිසිය පවසයි.
Read Moreසති අන්තයට තවත් සුඛෝපභෝගී දුම්රිය සේවා කිහිපයක් ක්‍රියාත්මක කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. බදුල්ල බලා ක්‍රියාත්මක සති අන්ත සුඛෝපභෝගී දුම්රිය සේවය අද ගමන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින බවත් ආරක්ෂක හේතූන් මත ඔහුට එයින් පිටව නොයන ලෙස පොලිසිය උපදෙස් දී ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreදැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව පැවසිය.
Read Moreකාත්තාන්කුඩි පොලිස් වසමේ පාසලක 5 වසර සිසුවෙකුට දැඩි ලෙස පහරදීමෙන් එම සිසුවා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් පහරදුන් ගුරුවරියක් අත්අඩංගුවට ගත් බවත් කාන්තන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්.ඒ. රහීම් මහතා පවසයි.
Read Moreරජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත.
Read Moreණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර යුතුමයි. ඒ කියන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, ඒ වගේම ලංකා බැංකුව, මහජන බැංකුව විසින් රජය ලබා ගත් ණය. ලංකා බැංකුවේ මහජන බැංකුවේ වත්කම් වලින් සීයට පනස් හතක් ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. ඒ ඉන්න කෝටි ගණන් ජනතාවගේ තැන්පත්කරුවන්ගේ සල්ලි ඉතාම විනාශකාරී විදිහට ආයෝජනය කරලා තියෙන්නේ.
Read Moreපාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරයි - දිවා විවේකයත් පැය භාගයකට සීමා කෙරේ.....
Read Moreමම ෆේස් බුක් එකේ දැක්ක කවියක් තියෙනවා, කුසට සාගිනි, හදට සෝ ගිනි ඉනට වැරහැලි, කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනූ කාලය ගිහිල්ලා නොසිට බැරි බැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා නැගිට පල්ලා නැගිට පල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
Read Moreඅද මේ රටේ පරම්පරාව භුක්ති විදින්නේ එතුමා එදා වපුරපු බීජ. ඒ නිසා එතුමා අද වපුරන බීජ අනාගතයේ කවරාකාර විනාශයක් ගෙන දෙයිද කියලා පැහැදිලියි. අද මේ රට භුක්ති විදිමින් තියෙන්නේ ඉතිහාසයේ එතුමාලා විසින් වපුරන ලද බීජ
Read Moreමේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු! රාජපක්ෂවරු! රෑ 2ට 3ට නැගිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.
Read Moreපාකිස්තාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (12දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඉතාලියේ නියොස් ගුවන් සේවය කොළඹ සහ ඉතාලිය අතර සතිපතා ගුවන් ගමන් තුනක් නැවත ආරම්භ කිරීමට සැලසුම් කරයි.
Read Moreරටේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනයට අනුව, මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකුට මෙම ‘ඩෙල්ටාක්‍රොන්’ ප්‍රභේදය ආසාදනය වී ඇත.
Read Moreමෙරට ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ඩුබායිහිදි ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි ගුවන්තොටුපොලේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරිමේදී මෙසේ අත්අඩජංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreපිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සමග අතුරුදන්ව සිටි ලුනුගල පදිංචි 13 හැවිරිදි දැරිය ලුනුගල උඩකිරුව ඝන කැලෑවක සැගවී සිටියදී ඊයේ (12දා) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසීය .
Read Moreට්‍රම්ප්ගේ පාම් බීච් හි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයෙන් එවැනි ලේඛන සොයා ගත්තේද යන්න පැහැදිලි නැත.
Read Moreබස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට තිරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යායලය පවසයි.
Read Moreදකුණු කොරියානු F-4 ප්‍රහාරක යානයක් සිකුරාදා රටේ ගියොන්ගි පළාතේ, හවුසියොන්ග් නගරයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා - චීන ජනතාවන් අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසට රජයට බලකර සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි
Read Moreමොස්කව් සහ කියෙව් අතර ගැටුමේ ආරම්භයේ සිට බලාගාරය රුසියානු හමුදාවන්ගේ පාලනය යටතේ පැවති අතර එතැන් සිට අවස්ථා කිහිපයකදී යුක්රේන හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් විය.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11දා) තායිලන්ත වේලාවෙන් රාත්‍රී 8.00ට බැංකොක් නුවර වෙත ළඟා වී තිබේ.
Read Moreලෝක ජනගහනයෙන් 6%ක් පමණක් එක්සත් ජනපදය තවදුරටත් ලොව පුරා ආධිපත්‍යය දරනු ඇති බව විශ්වාස කරන බවයි.
Read More