පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පතු භාර නොගන්නා ලෙස දිස්ත්රික් ලේකම්වරුන්ට දැනුම් දෙන ලෙසට කැබිනට් මණ්ඩලය තීරණයක් නොගත් බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
යම් හෙයකින් යොමුකරන ලිපියක ප්රමාද දෝෂයක් ඇත්නම් එය ඉවත් කර ගැනීමට අවස්ථාව ඇති බවත් රාජ්ය පරිපාලන ලේකම්වරයා එම ක්රියාමාර්ගය ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදි අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දැනුම් දීමට තීරණයක් ගෙන ඇත්තේ ජනපතිවරයා හා වජිර අබේවර්ධන මහතා බවයි.