විදුහල්පතිනිය ගුරුවරයෙකුට බැන වැදුනේ යැයි පවසමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ගුරුවරුන් පිරිසක් ඊට විරෝධය පාමින් අද (17දා) උදේ සිට රාජකාරීවලින් බැහැරව විදුහල් බිමෙහි තැන් තැන්වල රැදී සිටියහ.
මේ දිනවල අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලය පිළිබදව මාධය මගින් හෙලිදරව් කරන තොරතුරු එක ගුරුවරයෙකු විසින් ලබා දෙන්නේ යයි කියමින් අද උදේ රාජකාරියට වාර්තා කිරීමට ගිය ගුරුවරයෙකුට බැන වැදීම මේ ගුරු විරෝධයට හේතුව වී තිබේ.
සිය සහෝදර ගුරුවරයාට විදුහල්පතිනිය බැන වැදිමින් ඔහුට අත්සන් ලේකනයට අත්සන් කරන්න නොදී එළියට දමන ලෙස පාසලේ ආරක්ෂක නිලධාරීන්ට පවසා ඇති බව නම හෙලිකිරීමට අකමැතිවූ විරෝධයේ යෙදී සිටි ගුරුවරු පැවසූහ.
මේ ගුරු වර්ජනයට ධර්මාශෝක විදුහලේ ගුරුවරුන් රැසක්ම සහභාගිවී සිටි අතර මේ නිසා එම විදුහලේ ඉගැන්වීම් කටයුතුද බිද වැටී තිබිණ.
මේ ගුරු වර්ජනය පිළිබදව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධ කර ගැනීමට උත්සාහයන් රැසක්ම ගත් අතර එය වයවර්ථ ගියේ ඇය දුරකතනවලට සම්බන්ධ නොවීම නිසාය.