මට ආදරය කරන ජනතාවගෙන් උදව් ලබා ගන්නවා
පාස්කු ප්‍රහාර නඩුව අනුව තමන්ට ගෙවීමට නියම වූ රුපියල් කෝටි 10ක වන්දිය ලබා ගැනීම වෙනුවෙන් තමන්ට ආදරය කරන පිරිසගෙන් උපකාර බලාපොරොත්තු වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
"ආරක්ෂක මණ්ඩලයේ සටහන් තබා ගැනීමක් සිදුවුණේ නෑ. ඒ ඒ ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් තමන්ගේ දිනපොත්වල සටහන් තබා ගැනීමට කටයුතු කළා. මම අවශ්‍ය අවස්ථාවලදි ආරක්ෂක මණ්ඩලය කැඳවා තිබෙනවා.
අයි.එස්. ප්‍රහාර ලෝකයේ සිදුවෙන විට මම කිව්වා මේ වගේ ප්‍රහාර ලංකාවේ වෙන්න ඉඩ තියන්න එපා කියලා. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමලට ආරක්ෂක අංශවල ඉහළම නියෝජිතයන් පැමිණෙනවා.
මම අප්‍රේල් මාසයේ 9 දාත් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳෙව්වා. ඒ සාකච්ඡාවේදීත් කිසිම කෙනෙක් මේ පිළිබඳව කිසිම දැනුම් දීමක් කළේ නෑ.
මම අධිකරණ තීන්දුවට ගරු කරනවා. හිස නමනවා. ඒ ගැන වාදයක් විවාදයක් නෑ. ඒ තීන්දුවෙන් මට කෝටි 10ක මුදලක් ගෙවන්න සිදුවෙලා තියෙන්නේ ජනපතිවරයා පත්කළ නිලධාරීන් වැරැද්දක් කළොත් ඒ සඳහා ජනපතිවයා වග කිව යුතුයි කියලා.
මේක දඩ ගැසීමක් නෙමෙයි.කෝටි 10ක වන්දියක් ගෙවන්න නියෝග කර තිබෙන්නේ. කෝටි 10ක වන්දියක් ගෙවන්න මට වත්කමක් නෑ. මගේ හිතවත් අයගෙන් ඉල්ලගෙන මේ වන්දිය ගෙවන්න කටයුතු කරනවා.
ජනපති කාලයේත් මම වත්කම් බැරකම් ප්‍රකාශ දීලා තියෙනවා. ගිය අවුරුද්දෙත් මම දුන්නා. මේ අවුරුද්දෙත් දෙනවා. මම රටේ ජනතාවගෙන් මා පිළිබඳව ආදරය කරන අයගෙන් උදව් ගැනීමට බලාපොරොත්තු වෙනවා.
හිටපු පොලිස්පති පත්කළේ ව්‍යවස්ථාදායක සභාවෙන්. නමුත් පත්වීම අනුමත කරන්නේ ජනාධිපතිවරයා. ව්‍යවස්ථා සභාවෙන් දුන්න කෙනා මම අනුමත කළේය.
නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස් කියන මහත්වරු පොලිස් දෙපාර්තමේන්තුව තුළින් පත්වන අය මගේ අත්සනින් පත්වන අය නෙමෙයි. හේමසිරි ප්‍රනාන්දු මහත්තයා සෘජුවම පත්කරන කෙනෙක්. ඒ කාරණාව නැත්නම් මම නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙන තත්ත්වයක තිබුණේ."
popular news
-
Rufus Randeniya Wednesday, 18 January 2023 03:38 AM
He released murderers of some wealth. Was it free? I had some criticism from the very beginning of his presidency. When the country was fed up with MR, anyone who came forward to contest would have won irrespective of status. Then after becoming the president, he started making royal visits. First to Belgium and then to Australia. Both those and many other statemen saw that this visitor was not up to the mark.
Reply : 0 0
janahitha Wednesday, 18 January 2023 04:29 AM
api satha pahak denne naha akaryakshama UNPiye athkoluvak vela gihin numbath ratath vanasuva karanna thibune rajapakshala samaga satan kirima namuth obata eya bari una
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

