ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා කරගෙන යන බවත් එම සාකච්ඡා සාර්ථක බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එහි ප්‍රතිඵල ළඟදීම ලබා ගැනිමට හැකිවෙනු ඇතැයිද ඔහු පැවැසීය. කෙසේ වෙතත් බලාපොරොත්තු වෙන ආදයම එකවර ලැබෙන්නේ නැතැයිද ඔහු පැවැසීය.
" පඩි ගෙවීම තමයි අපිට තියෙන ප්‍රධානම කාරණය. එක දිනයේම ගෙවන්න බැරිවුණත් අපි දින දෙකකින් පමණ ගෙවනවා. ඊළඟට විශ්‍රාම වැටුප් තමයි අපෙ දෙවැනි තැන. ඊළඟ සමෘධිය ගෙවීම. ඊට පස්සේ අලුත් වැඩසටහන් දෙකක් තියෙනවා.
සමහරු චෝදනා කරගෙන යනවා අපි බෙහෙත්වලට මුදල් දෙන්නේ නෑ කියලා. අපිට සෞඛය අංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. ගිය අවුරුදු කිහිපයේදී අපිට බිලියන 50ක බිලක් ගෙවන්න තිබෙනවා. අපි බිලියන 30-40ක් බෙහෙත් ගන්න වෙන් කරනවා.
නමුත් ඇණවුම් කරන්න කල් යයි. අපිත් කැමති නෑ රෝහල්වල බෙහෙත් අඩුපාඩු තියන්න. බේත් නැතිව මැරෙන්න. අපිට ආහාර හිඟයක් තිබුණා. අපේ කෘෂිකර්ම ඇමති ගත් තීරණ නිසා අපිට අතිරික්තයක් තියෙනවා.
දැන් අපිට තියෙන්නේ වී කිලෝව රුපියල් 100ට තියාගන්න. අපි ඒ සඳහා බිලියන 10ක් වෙන්කරලා තියෙනවා. මේ බිලියන 10 විකුණන්නේ නෑ. මේ බිලියන 10 පවුල් ලක්ෂ 20කට මාර්තු හා අප්‍රේල් වල පවුලකට කිලෝ 10 ගානේ දෙනවා.
මිනිස්සු බඩ ගින්නේ තියන්න බෑ. අපි ආයතන කිහිපයක් ඇති කරනවා. ඉතිහාස ආයතනය, ආර්තික හා වෙළඳ ආයතනය, කාන්තා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද ආයතනය, රාජ්‍ය හා රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය, ක්‍රීඩා විශ්වවිද්‍යාලය අපි හදනවා. මේවට මුදල් ඕන.
මේවට බිලියන 10ක් විතර යන්න පුළුවන්. ඒකෙන් ආරම්භය ලැබෙයි. නිදහස් දින පෙළපාලියෙන් නවත්වන්නේ නෑ. අපි අලුත් නීති ගේනවා. "