කොටවෙහෙර කැලේගම දිගැන්නෑව ප්‍රදේශයේ තරුණයකු ඔහුගේ සියා විසින් ඇඳ පොල්ලකින් පහර දී මරා දමා ඇති බව කොටවෙහෙර පොලිසිය අද (17දා) පවසයි.
මෙසේ මරා දමා ඇත්තේ එච්.ජී.නවෝද් දීල්ෂාන් නැමති 18 හැවිරිදි පවුලේ එකම දරුවා බවත් දරුවාගෙ මව විදේශ ගතව රැකියාවක නිරත විම හේතුවෙන් කුඩා කල සිට සියා හා ආච්චිගෙ රැකවරණයෙ හැදි වැඩි ඇති බවද කියයි.
එසේ දරුවාගෙ රැකවරණය සදහා සිටි සියා විසින් අධික ලෙස මත්පැන් පානය කර පැමින ඇදක නිදා සිටි මුණුපුරාව ඇද පොල්ලකින් අමානුෂීක ලෙස පහර දී මරා දමා ඇති බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සිදු කල බව කියන මේ වන විට නිවස හා ප්‍රදේශය අතහැර ගොස් සිටින සැකකාර සීයා 70 හැවිරිදි වියේ පසුවන්නෙකු බවත් දෛනිකව අධික ලෙස මත්පැන් පානයට හුරු වු අයකු බවත් බිමතින් පැමින මෙසේ ඝාතනයට ලක්වු තරුණයාගෙ ආච්චිට ද පොලු මුගුරු වලින් පහර දීම සිදුවන බව කියති.
කෙසේ නමුත් තරුණයාට සීයා ඇද පොල්ලෙන් පහර දීම සිදුවන අවස්ථාවේදි මිත්තනිය නිවසේ නොසිටි බවද පොලිස් පරික්ෂණ වලදි සනාථ වී තිබේ.
මෙසේ මරා දැමුනු තරුණයා දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයකු බවත් 16 දින සවස ආණමඩුව තල්ගස්වැව විමලරත්න කුමාරගම විද්‍යාලයෙ වොලිබෝල් පුහුණු කිරීමට එක්ව සිටි බවද කියයි. කෙසේ නමුත් තෙහෙට්ටුව හේතුවෙන් තරුණයා රැදි සිටින කාමරයෙ ඇද මත නිදා සිටියදී ඇදක පොල්ලකින් දරුණු ලෙස හිසට පහර දී ඇති බව කියයි.
සිද්දියෙන් පසු බරපතල තුවාල ලබා සිහිසුන්වු තරුණයා කාමරය තුළම දමා එහි දොර අගුළු දමා සැකකාර සියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
සවස නිවසට පැමිනි මිත්තනීය දරුවා කාමරයෙ නිදා සිටින ආකාරය ජනේලයකින් දැක ඇති නමුත් දරුවාගෙ නින්දට බාධා නොකර නිහඩව ඇති බව කියයි.
කෙසේ නමුත් මෙම මිත්තනීය අද (17දා) උදෑසන දරුවාට අවස්ථා කිපයක් අවදි වන ලෙසට කථා කර ඇති නමුත් පෙර දින ලෙසම ඇද මත රැදි සිටිම හේතුවෙන් අසල්වැසි නිවසකට ගොස් පවසා ඇත්තේ මුණුපුරා අවදි නොවන බවයි.
ඒ සමගම උදෑසන මෙම තරුණයාගේ මිතුරන් පිරිසක් පැමින කාමරයෙ දොර අගුළු ඉවත් කර විපරම් කිරීමේදි හෙළිව ඇත්තේ මිතුරාගෙ හිස ප්‍රදේශයෙන් අධික ලෙස ලේ වහන වී ඇති ආකාරය බව කියයි.
ඒ සමගම මෙම තරුණයාගේ මිතුරන් මෙම තරුණයා මරණයට පත්ව ඇති බව සනාථ විමේන් පසු කඩිනමින් පොලිසියට දන්වා ඇති බව කියයි.
මරණයට පත් තරුණයා නිකවැරටිය ජයන්තිය මධ්‍ය මහා විද්‍යාලයේ අපොස උසස් පෙල හදරාමින් සිට ඇති නමුත් පසුව පාසල් ගමන නවතා විදේශ රැකියාවක් අපෙක්ෂාවෙන් ආණමඩුව නගරයෙ විදේශ භාෂා පුහුණු පංතියට එක්වි ඇති බව ද කියයි.
සීයාගෙ ඇද පොලු පහරින් මරණයට පත්වු තරුණයා ප්‍රදේශයෙ කා අතරත් හිත දිනා ගත් තරුණයකු බව කියයි.
සිද්දිය සම්බන්ධව කොටවෙහෙර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිලංක බාලසුරිය මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ අරඹා තිබේ.
