මම කථා කළේ එල්.ආර්.ටී. එක ගැන නෙමෙයි - මහාචාර්ය ගුණරුවන්
තමන් එල්.ආර්.ටී. ව්‍යාපෘතිය නතර කිරීමට උපදෙස් දුන් බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවත් මත භේදයට තුඩු දුන් වීඩියෝවේ තමන් කථා කරන්නේ කැළණිවැලි දුම්රිය මාර්ගය තිබෙන මාර්ගය උස්සීමේ ව්‍යාපෘතිය ගැන බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවැසීය.
චමුදිත සමරවික්‍රම මහතාගේ යූටියුබ් නාළිකාව සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"මේ කථාකරන්නේ දැනට තියෙන රේල් පාරක් ගැන මිසක් (මතභේදයට තුඩුදුන් වීඩියෝව (ජනපති ගෝඨාභය රජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාව)) මේ අලුත් එකක් ගැන නෙමෙයි.
සිහි බුද්ධියෙන් අහපු කෙනෙකුට තේරෙන්න ඕන මම කියනවා දැනට කෝච්චිය යන කාලයට වඩා විනාඩි පහයි ඉතිරි වෙන්නේ මෙකෙන් කියලා.
එතකොට මේ කථා කරන්නේ ඔය කියන එල්.ආර්.ටී. මාර්ගය නෙමෙයි. කොළඹ - බත්තරමුල්ල එල්.ආර්.ටී. එක තියෙන්නේ. ජපන් ජයිකා එල්.ආර්.ටී. එක.
මේ කථා කරන්නෙ ඒක නෙමෙයි.මේ කතා කරන්නේ කොළඹ - අවිස්සාවෙල්ල දැනට තිබෙන දුම්රිය මාර්ගය තියෙන තැනින් මීටර් අටක් උඩට උස්සලා ඒක සැහැල්ලු දුම්රිය කරන්න නෙමෙයි. ඒ රේල්වේමයි යන්නේ ඒ කෝචිචියමයි යන්නේ.
මේ කතා කරන්නේ ලයිට් රේල්වේ එක නෙමෙයි. මේ කථා කරන්නේ දැනට තිබෙන ප්‍රධාන කැලණිවැලි දුම්රිය මාර්ගය ඒක සුද්දා බඩු ගෙනියනන හදපු දුම්රිය මාර්ගය. රබර් ඇදපු දුම්රිය මාර්ගය. අදටත් ගිහින් බලන්න කොළඹ තියෙන කැලණිවැලි බඩු ගබඩාව."
Q හැබැයි ගුණසිරි මහත්තයෝ රටම දන්නේ එල්.ආර්.ටී. එක නැතිකළේ ඔබ ගෝඨාභයට ලණුව දුන්නේ ඔබ කියලා.
A - මම මොකක්ද ඒකට කරන්නේ. මේක ආසියානු සංවර්ධ ව්‍යාපෘතියේ ණය හරහා ගන්න තිබුණේ.
popular news
-
moratuve api Wednesday, 18 January 2023 04:36 AM
nodakin moda yakek kauda danne naha acharya padaviya dunne nodanna magul kathakaranava munva madayata genenna epa
Reply : 0 0
janahitha Wednesday, 18 January 2023 04:38 AM
kanterana patavann abri bava pahadilivama kiva
Reply : 0 0
Eng Wednesday, 18 January 2023 08:12 AM
Moda Musalaya. Rata Kapu Haththa. Stopped much-needed and Valuable Project.
Reply : 0 0
Hubert Wednesday, 18 January 2023 08:58 AM
Agunabooruwan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

