ශක්තිසැට් අභ්‍යවකාශ මෙහෙයුමට ලාංකික සිසුවියකට අවස්ථාව
ඉන්දියාවේ ශක්තිසැට් (ShakthiSAT) ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව ලැබී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය කියයි.
අනාගත ඩිජිටල් තාක්ෂණය සහ STEM (විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික පියවරේ සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 200 දෙනෙක් මේ වන විට STEM අධ්‍යාපනික වැඩසටහන යටතේ සක්‍රීයව පුහුණුව ලබති.
එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, අතිශය තරගකාරී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව 18 හැවිරිදි සෙනීසා ගුණවර්ධන දියණිය, කීර්තිමත් Shakthi SAT International Mission ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මෙලෙස තේරී පත්ව ඇත.
මෙම නිල වැඩසටහන 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්ව විද්‍යාලයේදී (Gautam Buddha University) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වන සංචාරය අගෝස්තු 21 සිට 31 දක්වා නව දිල්ලිය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබේ. මෙම සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ජනාධිපතිවරිය සහභාගී වන නිල රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රාජ්‍ය උත්සව කිහිපයකටම නියෝජිතවරියක ලෙස සෙනීසා දියණිය සහභාගී වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

