ඇමෙරිකාව හා ඉරානය අතර පවතින යුද ගැටුම් තාවකාලිකව නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලේ යළිත් වරක් පහළ යාමට පටන්ගෙන තිබේ.
ඒ අනුව ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් සියයට 4කට වැඩි අගයකින් පහළ වැටී තිබේ. ඒ් අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.98 කින් පහළ බැස බැරලයක් ඩොලර් 85.33ක් බවට පත්ව තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.88කින් පහළ බැස අමෙරිකානු ඩොලර් 92.90 ක් බවට පත්ව තිබේ. තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙසද සටහන් වී තිබේ.
