වතුකරයට දුන් පොරොන්දු ඉටු නොකළොත් පාරට බහිනවා
වත්මන් රජය වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනිමට විවිධ පොරොන්දු ලබා දුන් බවත්, වත්මන් රජය බලයට පත් වී වසර දෙකක් ගත වී ඇතත්, එම පොරොන්දු වලින් ඉටු කර ඇත්තේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම පමණක් බව දමිළ ප්‍රගතිශිලි සංධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.
පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ, ඔහු නායකත්වය දරන ජාතික කම්කරු සංගමය සහ ජාතික කම්කරු පෙරමුණේ ජේෂ්ඨ නායකයින්ගේ රැස්වීමක් (25) දින හැටන් නගරයේ පැවති අවස්ථාවකදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් රජය බලයට පත් වී වසර දෙකක් යන තෙක් තමන් ඇතුලු මේ රටේ විපක්ෂය නිහඩව සිටි බවයි.
බලයට පත් වීමට ලබා දුන් පොරොන්දු ඉටු නොකල නිසා දමිළ දේශපාලන පක්ෂ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකට එකතු වී එම පොරොන්දු ලබා ගැනිමට සන්ධාන ගත වී ඇති බවත්, එම සංධානය ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරිමට තමන්ටද ආරාධනා කල බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
දමිළ ප්රගතිශීලි සංධානය ජනාධිපතිවරයා හමුවී අවස්ථා කිහිපයකදී වතුකරයේ ජනතාවට ලබා දෙන බවට පොරොන්දු වූ ඉඩම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කල බවත්, එම අවස්ථාවේ ජනාධිපතිවරයා වතු කම්කරුවන්ට ලබා දීමට ඉඩම් තිබෙන්නේ කොහේදැයි තම සංධානයෙන් විමසූ බවද පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා පැවසීය.
ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට රටේ බහුතර ජනතාවක් එක් වී සිටි බවත්, වත්මන් රජයේ පාලනය හමුවේ එම ජනතාව මේ වන විට ජාතික ජන බලවේගයෙන් ඉවත් වි සිටින බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
