10000කට ඊශ්‍රායෙල් රැකියා
කාලයක් විවිධ අතරමැදියන්ට හා දේශපාලකයින්ට නතුව තිබූ ඊශ්‍රායල් රැකියා බඳවාගැනීම් ඉන් මුදවාගෙන විනිවිදභාවයෙන් හා කිසිඳු මැදිහත්වීමකින් තොරව සිඳුකිරීමට කටයුතු කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. එය ජනතාව පැතූ වෙනසක් බැවින් සෑම ක්ෂේත්රයකටම එම ක්‍රමය ක්‍රියාත්මක කරමින් සිටින බවත්, විදේශ රැකියා ක්ෂේත්රය දූෂණයෙන් තොර ක්ෂේත්රයක් බවට පත් කරන බවත් ඔහු සඳහන් කළේය.
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්වීමට නියමිත ඉදිකිරීම් හා යටිතල පහසුකම් ක්ෂේත්රයේ රැකියාලාභීන් 164 දෙනෙකුට අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“මින් පෙර විගමනික ශ්‍රමිකයන් සදහා රැකියා සුදුසුකම් සපුරා ගැනීමේදී යම් වශයෙන් දේශපාලනික හා ආයතනික නිළධාරීන්ගේ මැදිහත් වීමක් පැවතුනා. වර්තමානයේ දී ඉතා විධිමත් හා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදුකරනු ලබනවා. ඊශ්‍රායල ඉදිකිරීම් රැකියා ක්ෂේත්රය සදහා 3700 ක පොරොත්තු ලේඛනයක් ඉදිරිපත් කළත් පීබා ආයතනය විසින් 164 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.
මෙම වසර තුළ ඊශ්‍රායල් රැකියාව සඳහා 2500 ක පිරිසක් යොමු කරලා තියෙනවා. ඒ වගේම තවත් 6500 ක පිරිසකට රැකියා ඉඩ පහසුකම් තිබෙනවා. තවත් අලුත් ක්ෂේත්රයක රැකියා 1000ක් විතර එන්න තියෙනවා. ඒ අනුව මෙම වර්ෂය තුළදී කාර්යාංශය හරහා ඊශ්‍රායල් රැකියා සදහා 10 000 ක පිරිසක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. කාර්යාංශ ලියාපදිංචිය තුළින් ඊශ්‍රායල් විදේශ රැකියාවක් බලාපොරොත්තු වන ඔබට අඩු මුදලක් වියදම් කර තමන්ගේ රැකියා සිහිනය ඉටු කර ගැනීමට හැකියාවක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
