සිසුන්ට කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හොරණ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වාගෙන යන හිමිකරුවකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15.250ක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. 44 හැවිරිදි මෙම සැකකරු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකුද වෙයි.