ඉංග්‍රීසි කතා කරන්නන්ගේ ජාත්‍යන්තර කතික තරගාවලියේ ලෝක ශූරතාවය ලංකාවට
එංගලන්තයේ පැවති 45 වැනි ජාත්‍යන්තර ඉංග්‍රීසි කතා කරන්නන්ගේ විවෘත කථික තරගාවලිය - 2026 ( English Speaking International Public Speaking Competition - 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , කොළඹ රාජකීය විද්‍යාලයේ ඕමාර් හසාරි ශිෂ්‍යයා , එහි ලෝක ශූරතාවය දිනා ගෙන , 07/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ලෝකයේ විශාලතම කතික තරගාවලිය වන මෙම තරගාවලිය ලෝකයේ රටවල් 45 ක තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/13 දින සිට 07/17 දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර පවත්වා තිබුණි .
මෙම තරගාවලියේ දී ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ප්‍රබල රටවල් රාශියක් පරාජයට පත් කරමින් ඕමාර් හසාරි මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබුණි .
ඔහු මෙම ජයග්‍රහණයත් රැගෙන 07/28 දින අලුයම 03.05 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා ඉංග්‍රීසි කතා කරන්නන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති තිලක් අමරසිංහ මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීවරියක සහ ඕමාර් හසාරි ශිෂ්‍යයාගේ පියා සහ සොහොයුරා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

