ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණසමරුව අද (26දා) එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාන දෙකකදී පැවැත්විණි.
පශ්චාත් නිවර්තන ෆියෝනා සුළි කුණාටුව රටේ අත්ලාන්තික් ප්‍රාන්ත හරහා සුළි කුණාටු ප්‍රබල සුළං සමග ඉදිරියට ගමන් කරමින් මන්දගාමී වෙයි.
Read Moreමනුෂ්‍යත්වයේ නාමයෙන්, දශක ගණනාවක විගමනික ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව යථාර්ථයක් කරමින්, ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට හැකි වූ බවත්, ඉදිරියේ දී මෙරට සෑම කම්කරුවකු ම සුරක්ෂිත කරන සාමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
Read Moreරියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්‍රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.
Read Moreඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී අද (26දා) දහවල් එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖෂධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ.
Read Moreනිදන්ගත වකුගඩු රෝගීන් පරීක්ෂා කිරිම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයකින් සමන්විත බස් රථ අටක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.
Read Moreපින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
Read Moreපොලීසියට අවශ්‍ය වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා සහාය දැක්වීමට ආරක්ෂා හමුදා සූදානමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා පවසයි.
Read Moreදින හතක් වයසැති පිරිමි දරුවකු රුපියල් පනස් දහසක මුදලකට පිටස්තර කාන්තාවකට විකුණු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ආරම්භ කර ඇති බවත්, එම දරුවා මිලදී ගත් කාන්තාව සහ අතර මැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසිය පවසයි.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිදුගේ ප්‍රධාන ගෝලයෙකු වන මුතුනායක ගෙදර මහින්ද කුමාර නොහොත් ගලහ කුමාර නොහොත් රැවුල් කුමාර යන අය හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් අද (26දා) වැටලීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි .
Read Moreශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බොරතෙල්වල ගුණාත්මක බව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධනේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅධික වේගයෙන් ධාවනය වු බොලෙරෝ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයක සහ මොටර් රථයක ගැටිමෙන් සිදු වු අනතුරකින් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සහ බොලෙරෝ කැබ් රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (25දා) ඇතුලත් කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
Read Moreමෑතකදී අධි ආරක්ෂිත කලාප ලෙස නම්කළ ප්‍රදේශයන් තවදුරටත් පවත්වාගෙන යන්නේද නැත්ද යන්න පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගන්නා බව වැඩබලන රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
Read Moreමොරොන්තුඩුව මාවල ප්‍රදේශයේ අද (26දා) පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් රැගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් 8 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි .
Read Moreමොනරාගල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ඊයේ (25දා) බන්ධනාගාරයේ රැඳවියන් පරික්ෂාකිරීමේදී හෙරොයින් මිලිග්‍රෑම් තිස්තුනක් සමඟ හෙරොයින් පානයකිරීමට ගන්නා උපකරණයක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreදඹුල්ල පැල්වෙහෙර සේරුගස් යාය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබුණු ගැඹුරු ළිඳකට අද (26දා) අලුයම වන අලියකු ඇදවැටී ඇතැයි ප්‍රදේශවාසීහු සීගිරිය වනජීවි නිලධාරීන් වෙත දන්වා තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක් සදහා අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreසිය භාර්යා්යා සමගින් ත්‍රි රෝද රථය පදවමින් සිටියදී රියදුරැගේ ශරීරයට මැඩියෙකු පැනීමෙන් කලබලයට පත් එම රියදුරැ අතින් ත්‍රීරෝද රථය පෙරලීයාම නිසා එම රියදුරා මියගොස් ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ භාර්යාව බරපතල තුවාල සහිතව කොළඔ ජාතික රෝහලට ඇතුලත් කරඇත
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය. සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ. ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි
Read Moreගැටුම් නොව සාමකාමී වන්න. සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමටත් සංවාදයෙන් සහ උපදේශනයෙන් ආරවුල් විසඳා ගැනීමටත් අප අඛණ්ඩව වෙහෙසිය යුතු බව චීන විදේශ ඇමති කියයි.
Read Moreකොළඹ විරෝධතාවක් අතරතුර දී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අසූ තුන් දෙනා ඇප මත මුදා හැරීමට අද (25දා) පියවර ගෙන තිබිණි.
Read Moreරෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreදියත් කිරීම සිදුවන්නේ එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කලාපයේ සංචාරය කිරීමට දින කිහිපයකට පෙරදී වීම විශේෂත්වයකි.
Read Moreකොළඹ සිට නුවරඑලිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (25දා) අනතුරට පත් ව ඇති බව හැටන් පොලිසිය පැවසිය.
Read Moreභාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටී.
Read Moreරටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වන්නේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීම බවත් මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් බවට පත්ව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.
Read More