ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ් අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 370ක් දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415ක් දක්වාත් පහළ දැමීමට ඔවුන් කටයුතු කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අද රාත්‍රී 9.00 සිට අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් දක්වාත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415ක් දක්වාත් පහළ යනු ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත ප්‍රාදේශිය ලේඛම් කොඨඨාශයේ එගොඩ කළුගමුව ග්‍රාම නිලධාරි වසමේ නැකත්තාවත්ත ප්‍රෙද්ශයේ මහවැලි ගං රක්ෂිතයේ ඉවුර කිසියම් පිරිසක් විසින් එහි ඇල්ල කපා ගොඩ කර ඇති බව ප්‍රෙද්ශවාසින් පවසයි.
Read Moreනැමීබියාව හමුවේ ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබුවත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනු ඇතැයි යන මතයේ තමන් තවමත් සිටින බව ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර් පවසයි.
Read Moreබෙදුම්වාදින්ගේ ඩොලර් වුවත් අපේ රටේ ආයෝජනය කරනවාට අපි විරුද්ධ නෑ. නමුත් බෙදුම්වාදී ඉල්ලීම් ඉටුකරලා අපේ රට අසරණ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ මොහොතේ බඩගින්න නිවන්න අපේ රට නැවතත් යුධ ගින්නකට ඇදලා දැම්මොත් ඒක බලවත් අපරාධයක්.
Read Moreණය අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමර්ග සඳහා පූර්ණ සහාය දෙන බව පැරිස් සමාජය පවසයි.
Read Moreනාවලපිටිය රොජසංගම සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අනතුරට පත්විමෙන් බස් රථයේ ගමන් ගත් පාසල් සිසුන් තිදෙනෙක් තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Read Moreඉහළ පොලියක් ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට පාලගම ප්‍රදේශයේ පුද්ගලයකුට එරෙහිව මේ වනවිට පැමිණිලි දොළහක් ලැබී ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි .
Read Moreවනාතවිල්ලුව තිරික්කපල්ලම කලපුවේ මසුන් මරමින් සිටි ධිවරයකුගෙ දැලක පැටලි කලපු තිරයට පැමිනි එකම පවුලක ඩෝල්ෆින් මත්සයින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගැනිමට හැකි වී තිබේ.
Read More“පහුගිය කාලයේ අරගලයට මුවා වෙලා රාජපක්ෂලාට කලු සල්ලි තියෙනවා කියපු ගොඩක් අය අද අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කලු සල්ලි තියෙනවා කිව්වේ. හැබැයි සල්ලි දීපු ලැයිස්තුව අරන් බැලුවාම අපි හැර හැම කෙනාම ඉන්නවා.අපිට හොරා කිව්වා අපි ළඟ කලු සල්ලි තියෙනවා කිව්වා. ”
Read Moreහැටන් නගරයේ ගැට කැපිමට පැමිණ සිටි කාන්තාවන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් අද (17දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස සිම්බාබ්වේ සැලෙකයි. ඉන් අනතුරුව කියුබාව, වෙනිසියුලාව, තුර්කිය හා ශ්‍රී ලංකාව පසුවෙයි.
Read Moreඅහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියට කිලිනොච්චි කඳවුරේ තිබූ ගිනි අවියක් ලබාදී ආධාර අනුබල දුන් යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයකු සහ ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ස්වාධීනව නව දේශපාලන කණ්ඩායමක් වශෙයන් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreමෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreජනතාව මත පැටවෙන ජීවන බර අඩු කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට දැනටමත් සාකච්ඡා කරමින් පවතින බවත්, පක්ෂයක් විදිහට ඒ වෙනුවෙන් මැදිහත්ව තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read More2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) 18දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreමේ වසරේ ගෙවීගිය කාලය තුළදී මෙරටින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙන බවත්, එම මදුරු විශේෂ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් දැනට වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය කීට විද් යානිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreදිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 15,404කට අයත් පුද්ගලයන් 61,467ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreහඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කරමින් රුපියල් එක් කෝටි හතළිස්පන් ලක්ෂයක මූල්‍ය වංචාවක්සිදු කළ බව කියන නිලධාරියකු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කොට තිබේ.
Read Moreශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ලබන මාර්තු මාසය වන විට ගෙවා දමනු ඇතැයි බංග්ලාදේශය විශ්වාස කරයි. බංග්ලාදේශ බැංකුවේ අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ වොෂිංන්ටයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
Read Moreතිරිඟු පිටි තොග මිල අඩු කිරීමත් සමඟ කොත්තුවක මිල රු.50 කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවැසීය. රුපියල් 500 සිට රු.1000 දක්වා විවිධ මිල ගණන් යටතේ මේ වන විට කොත්තුවක් අලෙවි වෙයි.
Read Moreදකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය
Read Moreපසුගියදා ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනාගැනේ.
Read Moreවෙළඳ පොලෙහි තිරිඟු පිටි මිල අඩු වීමක් සිදු වී ඇතැයි පැවසුවද බේකරි නිශ්පාදන මිලෙහි කිසිදු සංශෝධනයක් කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
Read Moreමුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, මහබාගේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ඉන් පලා ගොස් ඇති බවත් පලා යමින් සිටි එක් නයිජීරියානු ජාතිකයකු පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වු බවත් මහබාගේ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණතුංග මහතා ප්‍රකාශ කලහ.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ අද (16) විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreකොළඹ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read More’’මම බෙහෙත් පෙති කුඩු කරනවිට මේසේ උඩ තිබුණු බේත් පෙත්තක් අරගෙන පුතා එකපාරටම කටේ දා ගත්තා. ඒක පුතාගේ උගුරේ හිරවුණා. පුතා එයාගේ අත කටට දාලා බේත් පෙත්ත ගන්න එදන කොට එයාට වමනෙත් ගියා,ඒත් බේත් පෙත්ත එළියට ආවේ නැහැ,”
Read More