saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4702 hours ago

LATEST

ප්‍රතිවාදීන්ගෙන් ලංකාවට ප්‍රභල පීඩනයක්

calendar_today 2022 ඔක් 18 - 13:31 remove_red_eye - 372  

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය‌ේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය‌ේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙසින් නැම්බියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නෙදරල්නත් කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 666කින් ඉහළ දැමීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ අපේක්ෂාවෙන් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ රැස්වීමක් සංවිධානය කිරීමට ජපානය කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සමග හෝටලයක අඹු සැමියන් ලෙස හැසිරී ඒය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එම වීඩියෝව ලංකාවේ නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කරමින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 70ක කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ දැරූ රූමත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

Read More

පූර්ණ කාලීන කුලී ත්‍රි රෝද රථ ‌රැකියාවේ නිරත පුද්ගලයන් වෙනුවෙන් අමතර ඉන්ධන කෝටාවක් තවත් සති දෙකකදී පමණ ලබාදෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

විදුලි බිල සංශෝධනය කළද මේ වසරේදී ලංවිම රුපියල් බිලියන 152ක පමණ අලාභයක් ලබනු ඇතැයි ගණන් බලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

2022 යල කන්නයේ දී රජය විසින් වී වගාවට දුන් පොහොර යුරියා පොහොර වසර 15කට පසු වී වගාව සඳහා ලැබුනු හොඳම පොහොර බව ගොවි නියෝජිතයෝ පැවසූහ.

Read More

කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 4 ක් සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 8 ක් දක්වා ආසන්න වි ඇති බවත්, එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටම ආසන්න විම නිසා කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් කිසියම් සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝණය කරමින් සේවා කඩාකප්පල් කරන බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පෙට්‍රෝලියම් කර්මාන්තය තවදුරටත් විවෘත කිරීමට අදාළව සකස් කර ඇති ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධන පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

Read More

ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති දුෂ්කර, නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය රජයට ප්‍රශංසා කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය. සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන ’සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා’ (Seven moons of Mali Almeida) ය.

Read More

රුපියල් ලක්ෂ 70ක පමණ විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම අද දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.

Read More

බිලියන ගණනක මුදල් වංචාවක් කළ බවට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වන තිළිණි ප්‍රියමාලි නම් තැනැත්තියගේ ව්‍යාපාරික හවුල් කරු බව කියන ඉසුරු බණ්ඩාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කොන්දේසි සහිතව සහයෝගය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

දකුණු මුහුදු තීරයේ මෙහෙයුමක නිරත සිටියදී අතුරුදහන්ව සිටින නාවික හමුදා සාමාජිකයන් හයදෙනා හා යාත්‍රාව සොයා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත්, ඒ සඳහා විදේශ රටවල්වලින්ද මේ වනවිට සහායෝගය ලබාගෙන තිබෙන බවත් නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

නීති හදන කම්කරු ඇමැතිවරයෙකු වීමට තමාට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ එකම අභිප්‍රාය කම්කරුවාගේ සටන්පාඨ අහිමි කිරීම පමණක් බවත් කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

Read More

ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේදී QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීම බාධාවක්ව ඇති බැවින් අවශ්‍යතාව අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් එස්.සත්‍යානන්ද මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

Read More

ඩීසල් හා පෙට්‍රල් මිල අද සිට අඩු වුවද එම අඩු කළ ප්‍රමාණය බස් ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොමැති නිසා අදාළ මිල ගණන්වල වෙනසක් සිදුනොවන බව බස් සංගම් හා ත්‍රීරෝද රථ සංගම් සඳහන් කරයි.

Read More

කොළඹ නෙලුම් කුලුන විවෘතව තබන කාලසීමාවන් සංශෝධනය කර තිබේ. ඒ් අනුව සඳුුුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රී 10.00 තෙක් ප්‍ර වේශපත්‍ර නිකුත් කරන අතර රාත්‍රි 10.00 තෙක් නැරඹීමේ අවස්ථාව පවතී.

Read More

මේ වන විට ක්‍රියාත්මක පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව හෙට (18දා) සිට 21 දා දක්වා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

2023 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට හෙට (18දා) ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

Read More

කාන්තාවක් පැදවූ මෝටර් රථයක් කුරුණෑගල මාර්ගයේ ඇල්ල ප්‍රදේශයේදී අද (17) පෙරවරු 11.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් ඇති බව නාගොල්ලාගම පොලීසිය පවසයි.

Read More

වවුනියාව බෝගස්වැව මධ්‍යමහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් අද (17දා) රෝහල් ගත කළ බවට බෝගස්වැව පොලිසිය පවසයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මූලික වටයේ පැවැති තරගයකින් කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 42ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්විය.

Read More

පාසල් සිසුන්ගේ මුදල් සහ වෙනත් වටිනා ද්‍රව්‍ය පැහැරගන්නා කණ්ඩායමක් මහනුවර නගරයේ ක්‍රියාත්මක බව දෙමව්පියෝ පවසති .

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථීක අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනම් පියවරක් වශයෙන් ත්‍රෛපාර්ශයික සහයෝගීතාවයක් ඔස්සේ රටට අවශ්‍ය ආයෝජන ලබා ගත හැකිබව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා යෝජනා කරයි.

Read More

කොත්මලේ කෝවිලකින් දේව ප්‍රතිමාවක් සොරා ගෙන බස් රථයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (16) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.