saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 554 hours ago

LATEST

සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි

calendar_today 2025 ඔක් 29 - 09:22 remove_red_eye - 1335  

ගනේමුල්ල සංජීව ඝාතනය වෙනුවෙන් යොදාගත් ගිනි අවිය රැගෙන යාම සදහා සකස් කළ නීති පොත සැකකාර ඉෂාරා සෙව්වන්දිට ලබාදුන් බව කියන නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මෙම සැකකාර නීතිඥවරියගෙන් පැය 72 ඳරැවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බවද පොලීසිය පවසයි.

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘AKEBONO’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (28) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වලින් සියයට 38ක් එනම් දුම්රිය එන්ජින් 103ක් මෙම වර්ෂයේ (2025) අප්‍රේල් මස වනවිට ධාවනයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංඛ්‍යාව 267කි. ධාවනයෙන් ඉවත්කොට ඇති දුම්රිය එන්ජින් අතුරින් දුම්රිය එන්ජින් 39ක් දුම්රිය නැවතුම්පළ වලද, දුම

Read More

උදෑසන 8ට පෙර අනුරාධපුර ජනතාවට කොළඹට ළඟාවීම සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට නව දුම්රිය ගමන් වාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

Read More

වේයන්ගොඩ දුම්රිය ස්ථානය, සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා භූමිය උපයෝගී කරගනිමින් කොළඹ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ 28 ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

Read More

මත්තල ගුවන් තොටුපලෙන් යළි ගුවන් ගමන් ආරම්භ කරමින් රුසියාවේ Domodedovo ගුවන් තොටුපලේ සිට සංචාරක ගුවන් මගින් 401 දෙනෙකු රැගත් WZ3077 දරණ ගුවන් යානය ඊයේ (28) දහවල් 12.12ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය. මත්තලින් දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස උණවටුන , බේරුවල, හික්කඩුව ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට නිනියමිතය . සංචාරකයින් රැගෙන පැමිණි ගුවන් යානය කාර්ය මණ්ඩලයේ 29 දෙනා සමග පස්වරු 14.10ට යළි රුසියාවේ SAMARA ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ප

Read More

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යන හිගුරාන සීනි සමාගමේ උක් වගා කරන ඉඩම් බලහත්කාරයෙන් වල වි වගා කිරිමේ වැඩ සටහනක් කඩා කප්පල්කාරින් පිරිසක් විසින් ආරම්භ කර තිබේන බව දේශිය උක් කර්මාන්තය සුරුකිමේ සංවිධානයේ ලේකම් /කැදවුම්කරු ගම්පහ නාරද හිමියන් පැවැසූහ.

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය එලඹෙන දෙසැම්බර් 04 වැනි දින පැවැත්වෙන බව කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කරයි.

Read More

රාජ්‍ය සේවයට අලුත් නිලධාරීන් 8547ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම බඳවා ගැනීම අමාත්‍යාංශ හා පළාත් සභාවලට සිදු කිරීමට නියමිතය. මෙහිදි වැඩිම පිරිසක් බඳවා ගැනීමට නියමිතව ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර එම ප්‍රමාණය 5000 ඉක්මවා යයි. ඉන් අනතුරුව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට 1000කට අධික පිරිසක් බඳවා ගැනීමට නියමිතය.

Read More

මෙම සිදුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ අසාර්ථක ක්‍රියාවලියක් බව ගුරුවරුන්තුලත් සාඛජාවක් පවතින බවත් පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කිීමට දැනටමත් වරෝධතාවක් දක්වා ඇති බවද ඔහු පවසයි.

Read More

අග්බෝ ඇතා ඊයේ (27) දවල් 1.00 ට පමණ ඒ නවය මාර්ගයේ තිරප්පනේ පුංචිකුලම මහ පාලම අසලට පැමිණීයේ ය. ඒ නවය මාර්ගයේ ගමන්ගත් වාහන මොහොතකට නතර කොට ඇතාට පාර හරහා මාරුවීමට අවස්ථාව සලසා දුන්නේ ය.

Read More

නඩු කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් නව මහාධිකරණ හතරක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම මහාධිකරණ පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් භාවිත කළ කොළඹ 07 පිහිටි බංගලා හතරක් තුළ ස්ථාපිත කිරීමට නියමිතය. මෙම බංග්ලා දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් වෙයි.

Read More

ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාලසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight) ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ( Edelweiss ) මංගල ගුවන් යානය ( Inaugural Flight) 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම, අත්දැකීම් බෙදාගැනීම සහ පාර්ලිමේන්තුව හරහා රාජ්‍ය පාලනයේ වැඩිදියුණු කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීම සංචාරයේ අරමුණ වී තිබේ.

Read More

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයින් සදහා ඇගිලි සලකුනු යන්ත්‍රය මගින් පැමිණිමේ සහ පිටවිමේ වේලාවන් තහවුරුකර ගැනිමකින් තොරව අතිකාල දිමනා ලෙස ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 3.2ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

රුපියල් දහ අට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු 10/28 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

’’අස්වැසුම’’ සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ බිතාන්‍ය ජාතිකයින්ගේ විශ්මිත නිර්මාණයක් හා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනු දෙමෝදර ආරුක්කු නවය පාලමේ සිදුවි තිබෙන ජල කාන්දුව නැවැත්විමට විසදුම් යෙදිමටත් නිර්දේශ ලබාගැනීමටත් අවශ්‍ය නිළධාරින් සමග ස්ථානීය පරික්ෂණ සිදුකළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා පැවසීය,

Read More

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙටින්(29) ආරම්භ වේ.

Read More

පෞරාණික වටිනාකමකින් යුත් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක්, සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය පිළිබඳවත්, සොයා බැලේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ප ත්කර තිබේ.

Read More

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඔක්තෝබර් 27 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි.

Read More

මැදවච්චිය පොලිස් වසමේ ඉසින්බැස්සගම ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට 2025.10.27 වන දින උදෑසන කාලයේ මැදවච්චිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය වයස අවුරුදු 81 ක් වූ ඉසින්බැස්සගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

මාතර ෆ්‍රීලන් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ නිර්මාතෘ හා සභාපති අභාවප්‍රාප්ත ලැනී බී ගමගේ මහතාගේ අවසන් කටයුතු හෙට (28) සවස 3.00 ට මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ දී සිදු කිරීමට නියමිතය.

Read More

පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ අද (27) දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පැවසීය.

Read More

ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ටිල්කුල්ට්‍රි වතුයායේ තේ වත්තක මන්දකට හසු වී සිටි හොදින් වැඩුනු කදුකර කොටියා පශුවෛද්‍යවරයා විසින් නිර්වින්දනය කර අද (27) දින මුදා ගනු ලැබීය.

Read More

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Read More

බටපොළ කහටපිටිය පොල්ලුන්නාව පදේශයේ නිවසක් තුළ ගෙල කපා ඝාතනය කරන ලද තුන් හැවිරිදි පිරිමි දරුවකුගේ සහ ඒ අසලම නිවසේ මිය ගොස් කඹයක එල්ලෙමින් සිටි කාන්තාවකගේ මළ සිරුරු දෙක අද(27) දහවල් සොයා ගත් බව බටපොළ පොලීසිය කියයි.

Read More

වසර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍ය වලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුල වත්මන් රජය විසින් අල්ලා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.