දරුවා මෝටර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි නෑ
කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් කුඩා ළමයෙකු ගමන් කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝව තුලින් දරුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදුකර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬ පටයක්ද ඇතුලත්ව ඇත.
මෙම කාර් රථය ගිනි ගැනීමේ සිදුවීම කුරුණෑගල පොලිස් වසමේ පිහිටි විදුහල් භූමියක සිදුවීමක් බවට අනාවරණය වී ඇත. කුරුණෑගල පොලිස් ස්ථානය මඟින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබා දී ඇති වාර්තාව අනුව,
2026.07.03 දින කුරුණෑගල නගරයේ විදුහල් භූමියක ලක්ෂ 140 ක් පමණ වටිනා කාර් රථයක් ගිනිගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 07 ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවට සදහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබී ඇත.
කුරුණෑගල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා දරුවා වයස අවුරුදු 08 ක් පමණ වන එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුවෙකු බවට අනාවරණය කරගෙන ඇත.
එසේ වුවද මෙම වීඩියෝවේ දර්ශණය වන දරුවා කාර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පර්යේෂණ සාක්ෂියක් හෝ මෙතෙක් අනාවරණය වී නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් ගරු අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යනු ලබන අතර රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින්ද ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

