ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූයේ අතිශය පෞද්ගලික හේතුවක් නිසයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් තමන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමන් වෙත යොමු කළේ අතිශය පෞද්ගලික හේතූන් නිසා පමණක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා කිය.
අද 17 වනදා පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අබේකෝන් මහතා සඳහන් කළේ, තමන්ට ඉල්ලා අස් වන ලෙස කිසිම කෙනෙකු ඉල්ලීම් හෝ තර්ජනය නොකළ බවත් තමන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළේ අතිශය පෞද්ගලික හේතුන් නිසා පමණක් බවත්ය.
තමා මුලින්ම මෙම තනතුරට පත් වූයේ කෙටි කලක් සඳහා පමණක් බවත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තව ටික කලක් සේවය කිරීමට තීරණය කළ බවත් තමන්ගේ සිවිල් ඉංජිනේරු දැනුම දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් දේපළ ගොඩනැගීමේදී යොදා ගැනීමට හැකි වු බවත් ඒ මහතා කිය.
තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වුවද රජය රජ වෙනුවෙන් ක්‍රියාත්මක කරන සියලු කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බවත් මහාචාර්ය සරත් අබේකෝන් මහතා මෙහිදී කීය.
කෙසේ නමුත් තවමත් තම ඉල්ලීම ජනාධිපති තුමා පිළිගත් බව දන්වා නැති බවත් ව්‍යාස්ථාවේ ස ඳහන් වන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී කීය.
මොහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
