වසර අවසන්වීමට පෙර ගුරුවරුන් 30000ක් සේවයට
රටේ පවතින දැවැන්ත ගුරු හිඟය පියවීම සඳහා මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව, පාසල්වල පවතින නිශ්චිත විෂය පුරප්පාඩු ඉලක්ක කරගනිමින් (විෂයානුබද්ධව) ගුරුවරුන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙලක් වත්මන් රජය විසින් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජූලි 15 වන දින ආණමඩුව, කරුක්කුමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද පන්ති කාමර සහිත නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ නිල උත්සවයට සහභාගී වෙමිනි.
"2021 වසරෙන් පසුව රටේ විධිමත් ගුරු බඳවා ගැනීමක් සිදුව නැහැ. මේ වසරේදී පමණක් ගුරුවරුන් 30,000ක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන සහ අනුමැතිය ලබා දී අවසන්. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව පසුගිය මැයි මාසයේදී ඒ සඳහා පවත්වන ලද විධිමත් තරඟ විභාගයට උපාධිධාරීන් ඇතුළු සුදුසුකම්ලත් අපේක්ෂකයින් 180,000ක් පෙනී සිටියා.
දැනට එහි උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වෙමින් පවතින අතර, මේ වසර අවසන් වීමට පෙර ගුරුවරුන් 30,000ක පමණ පිරිසක් කඩිනමින් පාසල් පද්ධතියට බඳවා ගන්නවා. මෙවර විශේෂත්වය වන්නේ වසර ගණනාවක් පුරා පවතින ගණිතය වැනි විෂයන් සඳහා පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස, අදාළ විෂය ප්‍රවීණතාවය සහිත ගුරුවරුන්ම සේවයට බඳවා ගැනීමයි. එමෙන්ම විදුහල්පති සේවයේ පවතින ගැටලු සඳහා ද කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

