ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි විවෘත කෙරේ
ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කල උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මත එම දුම්රිය ස්ථානය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පසුගිය දින තීරණය කොට තිබුණී.
නමුත් මේ වන විට එම උප දුම්රිය ස්ථානය සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදා එම සේවාවන් මගී ජනතාව වෙත සැපයීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත.
එමෙන්ම මාස කිහිපයක සිට වසා දමා තිබු අකුරළ හා ආඳාදොල උප දුම්රිය ස්ථානයන් ද අද හෝ හෙට දින සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදා මහ ජනතාව වෙත අවශ්‍ය සේවා සැපයීමට කටයුතු මේ වන විට සකස් කොට ඇත අතර උප දුම්රිය ස්ථාන 25 ක් සඳහා නවක උපදුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට 2025.08.15 දින ගැසට් කරන ලද නමුත් අද දින වන විටත් එම බඳවා ගැනීමේ කටයුතුයි අවසන් කර ගැනීමට පාලන අධිකාරියට නොහැකි වී ඇත.
මෙම අකාර්යක්ෂම ඉහළ කළමනාකරණය හේතුවෙන් අධික පිරිවැයක් යොදවා දුම්රි ස්ථානාධිපතිවරුන් රාජකාරි වල යොදවා ගෙන මෙම කටයුතු සිදු කිරීමට සිදුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

