ඔස්ට්‍රේලියාවේ රැකියා පෙන්වා මුදල් වංචා කළ රූපවාහිනී නාලිකාවක අලෙවි විධායකවරයෙකු අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් 2026.07.15 දින අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
මොහු ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 25-35 ත් අතර මුදලක් ලබාගෙන ඇති අතර, එ අනුව ඔහු වංචා කර ඇති මුදල රුපියල් කෝටියකට අධික වේ.
මෙම පුද්ගලයාට එරෙහිව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී ඇති අතර, ඊට අදාළව මොහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කලද සැකකරු විමර්ශන නිලධාරීන් මගහරිමින් සැගව සිට තිබේ. පසුව උපාය දූතයෙකු යොදාගනිමින් විදේශ රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය බව පවසා මොහු සම්බන්ධ කරගෙන ඇති අතර ඒ අනුව අවිස්සාවේල්ල නගරයේ රැඳී සිටියදී මහත් පරිශ්‍රමයකින් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.
මොහු මෙරට ප්‍රසිද්ධ පුද්ගලික රූපවාහිනී නාලිකාවක අලෙවි විධායකවරයෙකු ලෙස කටයුතු කරන බවද විමර්ශනවලදී අනාවරණය විය.
මෙම සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අටක් පවරා ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් වංචා කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින (7/16) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස තිස් වන දා (7/30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
