අස්වැසුම ප්රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කරයි. දිවයිනේ බොහෝ ප්රදේශවල විවිධ පුද්ගලයින් විසින් විවිධ දුරකථන අංක මගින් අස්වැසුම ප්රතිලාභීන් අමතා ප්රධාන කාර්යාලයේ නිලධාරීන් යැයි පවසා දුරකථන ඇමතුම් ලබාදී තොරතුරු යථාවත් කිරීමේ ක්රියාවලිය බව පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින් ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් සිදුකරන ලෙස ඉල්ලීම් කර ඇතැයි සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනක දැක්වෙයි.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරනුයේ මෙම ක්රියාව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බැවින් මේ සම්බන්ධව පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙස සහ මේ සම්බන්ධව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසයි.