සජබ සදුදා කොළඹ වටලයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සදුදා කොළඹ වටලන බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සජබ) නලින් බණ්ඩාර මහතා පැවසිය.
නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ අද (17දා) දින ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පළාත් පාලන ආයතන 4 ක් සදහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ගිනිගත්හේන සජබ කාර්යාලයේ පැවති රැස්විම අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දමනු ලබන්නේ මුදල් නොමැතිකම නිසා නොව රට පාලනය කරන ජනාධිපතිවරයාට හෝ පොහොට්ටුවට ජන වරමක් නොමැති නිසා බවයි.
රජයේ මුද්‍රණාලයට මුදල් ප්‍රතිපාදන ලබා නොදි , පළාත් පාලන මැතිවරණය කුමන හෝ ආකාරයකින් නතර කිරිමට රටේ පාලකයින් පියවර ගෙන ඇති බවත්, පළාත් පාලන මැතිවරණය පවත්වන තෙක් සමගි ජන බලවේගය අරගල කරන බවයි නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ.
වත්මන් පාලකයින් රටේ ජනතාවගේ ජිවන වියදම ඉහල දැමුවාට අමතරව විදුලි බිලද ඉහල දැමිම තුලින් විදුලි පාරිභෝගිකයන් දැඩි පිඩාවට පත් වි ඇති බවද නලින් බණ්ඩාර මහතා පැවසිය.
popular news
-
Athula Saturday, 18 February 2023 02:00 AM
උඹලා තනිකරම කරන්නේ බොරුව.. ජනතාවට පෙන්වන්න උඹලා අන්දඩුවිරෝදීනන් ලෙස හැබැයි ජනතාව දන්නවා උඹලගේ විරෝදයේ ස්වභාවය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

