saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4640 hours ago

LATEST

සත්‍ය ජයගන්නවා, වහාම නොව නියත වශයෙන්ම

calendar_today 2022 නොවැ 02 - 11:04 remove_red_eye - 505  

පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට ගොනු කර තිබූ සියලු චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතා පවසයි.

රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක්, සුවද සබන් යන කලින් ඇසුරුම් කළ භාණ්ඩ, අයිතමයන් හා නිෂ්පාදන සම්බන්ධ සියලුම තොරතුරු ආනයනකරුවන විසින් ඒම භාණ්ඩ නිෂ්පාදන දිවයිනට ඇතුළුවන ස්ථානයේදීම ඒම භාණ්ඩයට අදාළව උපරිම සිල්ලර මිල ඇතුළු තොරතුරු ඒම භාණ්ඩවල සඳහන් කළ යුතු යැයි නියම කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් අද (02දා) පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සහ පෙළපාලිය සඳහා අවසර ලබා නොදෙන බව පොලිසිය සියලු දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල (31) දින සිට පෙට්‍රල් ඉන්ධන හිගයක් පවතින පෙට්‍රල් වාහන හිමියන් පවසයි.

Read More

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

තමන් ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තා අසත්‍ය බවත් එසේ පවසන අය එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනලවලදි හා අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළද අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කළ යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබී තිබේ.

Read More

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ තවත් නිවාස තුනක් අළවිවේ... නිවාස තුන විකිණීමේ ආදායම ඇමරිකානු ඩොලර් 143,700 යි... තවත් නිවාස 10ක් මිලදී ගැනීමට ඉල්ලුම්පත්... වසර අවසන්වන විට ඉලක්කය ඩොලර් ලක්ෂ 5යි...

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල් තොග චීනයෙන් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

තම ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට කොළඹ කොටස් හුවමාරුව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා විනිමය හා සුරකුම්පත් කොමිෂන් සභාව සමග කළ සාකච්ඡාවක් අනුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අද දිනයේ පටන් කොටස් හුවමාරුව පෙරවරු 10 සිට සවස 1 දක්වා පැය තුනක කාලයක් ක්‍රියාත්මක වෙයි.

Read More

2022 වර්ෂයට අදාළව පැවති කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් අයදුම්කරුවන් 1398 දෙනෙකු සමත් වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සාර්ථකව රැකියාව කර යළි පැමිණි ශ්‍රි ලාංකිකයින් සඳහා මෙම විභාගය පැවැත්වෙන අතර, ඒ අනුව අයදුම්කරුවන් 1652 දෙනෙකු මෙම විභාගය සඳහා ඉදිරිපත් වී තිබේ.

Read More

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.

Read More

ආණ්ඩුව කුමන බාධක දැමුවද හෙට (02දා) සාමකාමී පාගමන පවත්වන බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

’IMF මපට්ලා’ මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත් වූ ආජන්ටිනාව ගිය පාරේ බවත් අලි- පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය හීන කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. මීට එරෙහිව විපක්ෂයේ පුළුල් සටන් පෙරමුණක් ගොඩනැගීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

Read More

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දී තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

Read More

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ජොස් බට්ලර් සමත්විය

Read More

ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා ඉල්ලීමක් යොමු කළේ ය

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවු‍ලේ සුලු පිරිසකගේ උපදෙස් අනුව බවත් අවම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පවා ඔහු නොපිළිගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසමුන මහතා පවසයි.

Read More

විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ගයෙන් ප්‍රේෂණ එවීම මේ වන විට වර්ධනය වී ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

Read More

නවතම යුනෙස්කෝ වාර්තා අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන පරිවර්තනයකට කඩිනමින් අප ගමන් කළ යුතු ව තිබෙන පසුබිමක අදියර කිහිපයක් ඉදිරියට යමින් ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

නිසි සෞඛ්‍යය උපදෙසකින් තොරව අවිධිමත් ලෙස උපත් පාලන ඖෂධ ලබා ගැනීමේදී අවදානම් සහගත නොමේරු දරු උපත් හටගෙන එම දරු උපත ජීවිත අවදානමකට පවා ලක්ව අවාසනාවන්ත සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදු විය හැකි බැවින් එම සිදුවීම් අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව උපත් පාලන ඖෂධ ලබාගැනීමට කාන්තාවන් යොමු විය යුතු බව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තරගයෙන් කඩුළු 6ක පහසු ජයක් හිමිකර ගැණීමට ශ්‍රී ලංකාව සමත්විය

Read More

දැනට මසකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු නතර වී ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා එම පීඨයේ සියලු සිසුන් ප්‍රතිඥා ලිපියකට අත්සන් කළ යුතුව තිබෙන බවත් පීඨයේ සියලු සිසුන් එම ප්‍රතිඥා ලිපියට අත්සන් තැබීමෙන් පසු නැවත පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය .

Read More

මහින්ද මහත්තයට මේ දේ කරන්න එපා. රටක් දිනපු නායකයෙක්. අපිට නිදහසේ පාරේ බැහැලා යන්න හදපු නායකයෙක් මේ තත්ත්වයට පත්කරන්න එපා කියලා. මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ මූණට කිව්වේ. එයා ඒක පිළිගත්තා. වෙනස්කමක් කරයි. අපි නැගිටින්න ඕන.

Read More

කෝවිඩ් මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගයක් භාවිතයෙන් ඉවත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තා වේ. ඒ ආනයනය කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ ඊයේ (31දා) සිට කල් ඉකුත් වීම හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහ ගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.