කිසිදු හේතුවක් නොමැතිව අයාලේ යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බියගම පේරගස්හංදියේදී ඊයේ (27දා) රාත්රී කාලයේදී අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.
මෙම කාන්තාවන් තිදෙනා අවුරුදු 40 ත් 50 ක් අතර වයසේ පසුවන මාතර, මාලඹේ හා වැල්ලම්පිටිය ප්රදේශවල පදිංචිකාරිනියන් වේ.
මොවුන් බියගම නිදහස් වෙළඳ කලාපයේ රැකියා කරන බව පවසමින් නිවෙස්වලින් පැමිණ බියගම කොළඹහේන වත්ත ප්රදේශයේ බෝඩිං කාමර කුලියට ගෙන නවාතැන් ගෙන සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම කාන්තාවන් තිදෙනා මහර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
බියගම පද්මසිරි රණතුංග