තම ගමන් බෑගය තුළ කඩුවක් සඟවාගෙන පෙරහර මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පෙරහර ආරක්ෂක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින්අ ත්අඩංගුවට ගෙන තිබේ .
ඉකුත් 25 වැනි දින රාත්‍රි 10.30 ට පමණජෝර්ජ් ඊද සිල්වා උද්‍යානය අසලින් පෙරහර ගමන් මාර්ගයට අවතීර්ණ වීමට උත්සාහ කර ඇති මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ අඩි දෙකක් පමණ දිග කඩුවක්ති බී පොලිස් නිලධාරීන්ට හමුවී ඇති අතර ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී සැකකරු පවසා ඇත්තේ එම කඩුව දළදා සමිඳුන්ට පූජා කිරීම සඳහා තම මිත්‍රයෙකු ලබාදුන් බවයි .
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන සැකකරු සම්බන්ධයෙන් පොලිස් වාර්තා කැඳවීමේදී ඔහු 2016 වසරේ දීහෙරොයින් මත් කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්කො ළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව හෙළිව තිබේ .
සැකකරු කඩුවක් අතැතිව පෙරහර මාර්ගයට ප්‍රවිෂ්ට වීමට උත්සාහ කළේ කුමන අරමුණකින් ද යන්න සම්බන්ධයෙන්පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .
මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන්විමර්ශන කටයුතු සිදු කෙරේ .