මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කරනුයේ අද (28) උදෑසන සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බවයි.
මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීයෙකු මෙසේ සියදිවි හානිකර ගෙන තිබෙන බවත් සඳහන්.
සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.