අනුර කුමාර වැව් 1000ක් ගොඩ කළා - නියඟයෙන් ජනතාව විඳින පීඩාවට අනුරත් වගකිව යුතුයි
කවුරුන් විසින් මොන ආකාරයකට පැවුසුවත් මේ වන විට රට අසීරු තත්වයක ඇති බවත් මිලියන එකයි දසම හතරක රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සදහාත් විශ්රාමිකයන් ලක්ෂ 6ට පමන වැටුප් ගෙවන්නටත් රාජ්ය ආයතන වලට මුදල් සොයාගැනිමටත් මහාභාන්ඩාගාරයට විශාල ප්රශ්නයක් ඇති බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී කෝප් කමිටුවේ සභාපති මහචාර්ය රංජිත් බංඩාර මහතා පැවසීය.
මහාචාර්යවරයා මෙසේ පැවසුයේ අද (27) වැලිගල්ලේ පැවති උත්සවයේදිය.
නියගය නිසා පළාත් ගණනාවක අක්කර 60 000 පමණ ගොවිතැන් විනාස වි ඇති බවත් පවුල් ලක්ෂයක් පමණ මේ සදහා මුහුණ දෙන බවත් ඔහු පැවැසීය.
මේ සඳහා දේශපාලකයන් වගකිවයුතු බවත් අනුර කුමාර වැව් 1000ක් ගොඩකල බවත් ඔහුද මේ නියඟය නිසා ජනතාව විදින පීඩාවට වගකිව යුතු බවත් මහාචාර්යවරයා සදහන් කළේය.
ආණ්ඩුව ආරක්ෂා කරගැනිම සඳහා කළේ පරිනත දේශපාලකයෙක් කරලියට ගෙන ආ බවත් එම තීරණය නිසා ඇතිවූ ප්රශ්නවලට ආණ්ඩුව උත්තර සැපයිය යුතු බවට තුන්වන වරටත් තමා කියන බව ද මහාචාර්යවරයා පැවැසිය.
popular news
-
gunasena Monday, 28 August 2023 06:44 AM
only we choice malimawa next election no any other political party for us
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

