කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් අද (01) අළුයම 04.00 ට විවෘත වී පැය හතරක කාලයක් ජලය මුදා හැර නැවතත් වැසී ගිය බව මහවැලි අධිකාරිය කියයි.
වන අලි පහරදීමකින් පුද්ගලයකු මිය යාම නිසා කැබිතිගොල්ලෑව උණුසුම්... තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් නිළධාරියාට උද්ඝෝෂකයින් පහර දීම නිසා පොලිස් සැරයන් මියයයි
Read Moreමහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති හෙයින් ඉහළ හා පහළ මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාද වී හෝ ධාවනය වන අතර ඇතැම් දුම්රියන් ධාවනය නොවීමටද ඉඩ ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
Read Moreපසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.
Read Moreවෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10%ක මට්ටමකය. මෙය 2022 ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමට සමානවන නමුත්, එය 2022 ජූනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයකි.
Read Moreමර්ධනය මර්ධනයෙන් නතර කරන්න ඕන එකයි මම කියන්නේ. ඒ සඳහා අපිත් සූදානමින් ඉන්නවා. මේක රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසෙන්න ඕන වෙලාවක්. මිනිස්සු මැරීම, ගෙවල් ගිණි තැබීම සාධාරණීකරණය කරවාද?. ඒවා සාධාරණය කරන්න පුළුවන්ද. මිනිස්සු මරලා, ගෙවල් ගිණි තියලා ආණ්ඩු පෙරලන්න ඉඩ දෙන්න බෑ
Read Moreඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්ධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගාවලියේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු වන ඈෂ්ලි චන්ද්‍රසිංහ සිය මංගල තරගයේදීම ශතකයක් වාර්තා කර ගැනීමට සමත්විය.
Read Moreපුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම වළක්වා ගැනීමට අදාළ වාර්තාවක් කඩිනමින් තමන්ට ඉදිරිපත් කරන්නැයි අගාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ධීවර ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේද සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදිය.
Read Moreඅරගලයට සමගාමීව අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් ජනපති මන්දිරයට සිදුව ඇති හානි නැවත අලුත් වැඩියා කිරීමට රුපියල් මිලියන 364.8ක මුදලක් වැය වන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ පැවති තරගයකින් අයර්ලන්තය පරදා ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය
Read Moreගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ එක් වෘත්තීයක සේවක සංගමයක් වත්මන් පාලන අධිකාරිය සමඟ එකඟතාවයෙන් සාමාජිකයන්ගේ වැටුප 400%කින් වැඩිකර ගැනීමට කටයුතු කර ඇති බවට සෙසු සේවක සංගම් චෝදනා කරති.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.
Read Moreසවුදි අරාබියෙහි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල වෘත්තීය රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම වෙනුවෙන් යොදා ගැනීමට නියමිත මොළය මිය ගිය පුද්ගලයෙකු අද දිනයේදී බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් රැගෙන ආ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
Read Moreතිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාව තුළ ඩිස්නිලන්තයක් විවෘත කිරීමට තවමත් සූදානමක් නොමැති බව වොල්ට් ඩිස්නි සමාගම සඳහන් කර තිබේ.
Read Moreබේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට ඇද වැටී අද අලුයම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
Read Moreලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreඑතුමිය බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ගෙන තිබෙන බවට එතුමියගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය වගේම බ්‍රිතාන්‍යයේ සංස්ථාපත සමාගම් පිලිබඳ තොරතුරු දැක්වෙන නිල වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඇය බ්‍රිතාන්‍යෙය් පුරවැසි කම ලබාලන්නා විටම ඇයගේ ලාංකික පුරවැසිකම අහෝසියි. එහෙම නම් ඇය ද්විත්ව පුරවැසිකම සඳහා අයදුම් කළ යුතුයි.
Read Moreද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.
Read Moreයල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිදුන්ට පූජාකිරීමේ ’’සිරි දළදා යල් අස්වනු පූජාව’’ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පසුගියදා (28දා) පැවැත්විය.
Read Moreකුරුවිට සිට උඩකඩ හරහා බෝපත්ඇල්ල මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ඊයේ (30දා) සන්ධ්‍යාවේ කීරගල ඇල හරහා ඇති සපත්තු පාලමෙන් එගොඩවීමේ දී ජල පහරට හසුවී ගසාගෙන ගිය බව කුරුවිට පොලීසිය පැවසුවේය.
Read Moreයාපනය පේදුරුතුඩුව මුහුදු සීමාවේදී ඊයේ (30) දින දැවන්ත ටොනේඩෝ සුලිකුණාටු තත්වයක් ඇති වූ බවත් ඉන් ධීවරයින් හෝ කිසිවෙකුටත් හානියක් සිදු නොවුනු බවත් පේදුරුතුඩුව ධීවරයෝ පවසා සිටිති.
Read Moreහික්කඩුව තිරාණගම මීට් ටිකකට කලින් නාදුනන තුවක්කුකරුවන් තැබූ වෙඩි පහාරයකින් දෙදෙනෙක් මරුමුවට පත්වි ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.
Read Moreරාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථයෙ ගැටී බරපතල තුවලා ලබා සිටි අයකු කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී ඊයේ (30) දින සවස මරණයට පත්ව ඇති බව ඥාතින් පවසයි.
Read Moreකඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකට අයත් නීති විරෝධී අයුරින් එකලස් කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගණිතමය වශයෙන් අර්ථ දැක්වීමේදී ලූලා ඉදිරියෙන් සිටින බව බ්‍රසීල මැතිවරණ අධිකාරිය පවසයි.
Read Moreඑවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී විකාශනයකදී ජනපති සූ පැවසීය.
Read More