බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය හදිසියේම අද (28) සහ හෙට (29) වසා දැමීමට පියවර ගත් බව එම විදුහල් බලධාරීහු පැවසූහ.
විදුහලේ ප්‍රා ථමික අංශයේ පංති කාමරවල අසාමාන්‍ය ලෙස බෝවී සිටි මැක්කන් වර්ගයක් නිසා මේ පියවර ගත් බව ද ඔවුහු කීහ.
ප්‍රාථමික අංශයේ පංති කාමරවල බෝවී ඇති මැක්කන් වදවී යාමට අවශය බෙහෙත් ගැසූ බවත් පාසල් බලධාරීහු කීහ.
බලපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය හා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයෙන් ලැබුණු අවසරය මත සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ඔවුහු කීහ.
කෙසේ විදුහලේ ද්වීතික අංශය පාසල් නිවාඩුවෙන් පසු අද දිනයේ සාමාන්‍ය පරිදි ආරම්භ කළ බලධාරීහු කීහ.