මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුවෙකු ඊයේ (27 දා) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 125, ඒ කලාපය, කොක්කුවිල්, මඩකලපුව ලිපිනයේ පදිංචි මුරුගදාස් තිලක්ෂන් නැමැති 21 හැවිරිදි සිසුවෙකි.
රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් සමග ඊයේ සවස 5ට පමණ විශ්වවිද්‍යාල භූමියේ පිහිනුම් තටාකයට දිය නෑම සදහා ගොස් සිටියදී සවස 6 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුරින් පසු සිසුවා මිහින්තලේ රෝහලට රැගෙන යාමෙන් අනතුරුව රෝහලේ වෛද්‍යවරයෙකු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා ලබා දීමෙන් අනතුරුව, හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කළේය.
