saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4281 hours ago

LATEST

ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්

calendar_today 2023 ජන 18 - 11:58 remove_red_eye - 322  

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ජා කිරීම සඳහා ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18දා) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

තනි පුද්ගලයෙකුගේ සිතැගි පරිදි ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව යටපත් කරමින් කටයුතු සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත චෝදනාවක් ඉදිරිපත් කරමින් පැවැසිය. ඒ අනුව ජනපතිවරයා ඡන්දය නොතියන අරමුණින් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවැසීය.

Read More

තීරෝද රථ රියදුරෙකුට බිරිඳ හා දරුවා ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නිලඇත්තෝ ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

Read More

’’එක පැත්තකින් කියනවා අපිට ඡන්දේ ඕන කියලා. දකින දකින වෙලාවට පස්සෙන් ඇවිත් කියනවා අපි කෑගහුවට කමක් නෑ ඡන්දේ කල් දාලා දෙන්න කියලා. ඒකනේ ඇත්ත කථාව. ආණ්ඩුවේ පනස් දෙනෙකුට වඩා කථා කරලා තියෙනවා. මේක කල් දල දෙන්න කියලා. මේ දූෂිත ඩබල් ඇක්ටින් දේශපාලනය නතර කරන්න ඕන.’’

Read More

පාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි මහතා ඊයේ (17දා) කොළඹ කොටුවේදී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කළේය.

Read More

මෙරට සංචාරයක් සදහා පැමිණි කැනඩාවේ විශ්වවිදයාලයක ශිෂයාවක් වන අයුඩෙට් බෙට්මන් අම්බලන්ගොඩ හා ඒ අවට ජනතාව ආර්ථික පීඩාවෙන් දුක්විදින අයුරු දැක ඔවුනට සහනයක් සැලසීමේ අයුරුන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර පාර්සක් බෙදා දුන්නාය.

Read More

මාස හයක් තුළ වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම තත්ත්වය පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය පවසයි.

Read More

සිහි බුද්ධියෙන් අහපු කෙනෙකුට තේරෙන්න ඕන මම කියනවා දැනට කෝච්චිය යන කාලයට වඩා විනාඩි පහයි ඉතිරි වෙන්නේ මෙකෙන් කියලා. එතකොට මේ කථා කරන්නේ ඔය කියන එල්.ආර්.ටී. මාර්ගය නෙමෙයි. කොළඹ - බත්තරමුල්ල එල්.ආර්.ටී. එක තියෙන්නේ. ජපන් ජයිකා එල්.ආර්.ටී. එක.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කළේය.

Read More

ආසියාවේ ධනවත්මන නලුවා බවට සුපිරි ඉන්දීය නලු ෂාරුක් ඛාන් නවතම ශ්‍රේණිගත කිරිම්වලදී නම්ව තිබේ. ශාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 770ක් ලෙසට ගණන් බලා ඇති අතර ඔහු ලෝකයේ ධනවත්ම නලුවන් අතර සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

පසුගිය වසරේදී ශ්‍රි ලංකාවට හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් ගෙන්වා ඇති බවත් ඒ අනුව සහල් අතිරික්තයක් ඇතිවිය හැකි බවත් පාර්ලිමේ්නතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (17දා) දින ප්‍රකාශ කළේය.

Read More

වී වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත් අතර පවතින ගොයම් කහ පැහැ ගැනීම වළක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු යැයි කෘෂිකර්ම පොර්තමේන්තුව අවධාරණය කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් (ෆාමසි) නියාමනය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (16) පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

විදුලිය ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම කිසිදු එකඟතාවයක් ලබානොදීම නිසා විදුලිබල මණ්ඩලය ගැටලු රැසකට මුහුණ දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ධුරයෙන් ඉවත්ව ගිය ජනපතිවරයා වෙනුවෙන් වාහන 19ක් ලබාදී ඇති බවත් ඔහුගේ ආහාර පාන වෙනුවෙන් මසකට රුපියල් 950000ක් පමණ රජය විසින් වැය කරන බවත් ජනපති ලේකම් කාර්යාලයෙන් තමන් ලබාගත් දත්ත අනුව පෙනෙන්නට තිබෙන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍ය වේදියෙක් ප්‍රශ්න කරනු ලැබිය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපලවලට පහරදී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්ඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

පාස්කු ප්‍රහාර නඩුව අනුව තමන්ට ගෙවීමට නියම වූ රුපියල් කෝටි 10ක වන්දිය ලබා ගැනීම වෙනුවෙන් තමන්ට ආදරය කරන පිරිසගෙන් උපකාර බලාපොරොත්තු වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.

Read More

නිදහස් දින සැමරුමක් අනවශ්‍ය බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර ඇති බවත් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම ප්‍රාථමික මට්ටමේ බොළඳ සිතුවිල්ලක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

කොළඹ තුරඟ තරඟ ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (17දා) දහවල් සොයාගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි .

Read More

ආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොටවෙහෙර කැලේගම දිගැන්නෑව ප්‍රදේශයේ තරුණයකු ඔහුගේ සියා විසින් ඇඳ පොල්ලකින් පහර දී මරා දමා ඇති බව කොටවෙහෙර පොලිසිය අද (17දා) පවසයි.

Read More

දලයි ලාමා තුමා ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට පැමිණීම චීනය විරෝධය දක්වන බව චීන නියෝජිත පිරිසක් මල්වතු මහා නායක හිමියන්ට ප්‍රකාශ කළේය. දලයා ලාමා තුමා ලංකාවට හෝ වෙනත් රටක් පැමිණීමට විරෝධය ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ ආගමික ලෙස වෙස්වලාගෙන චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නිරත වන බවයි.

Read More

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පතු භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන ලෙසට කැබිනට් මණ්ඩලය තීරණයක් නොගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාලව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන සදහා ඇප තැන්පත් කිරීම , ඊයේ (16දා) දින සිදුවූ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර තේරීම්භාර නිලධාරි කේ. කාන්දීපන් මහතා පැවසීය .

Read More

මැතිවරණය ප්‍රකාශයට පත්කළහොත් ඒ් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට මුදල් මුද්‍රණය ‌කිරීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මොරගහහේන ඔලබොඩුව කුඹුක වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

Read More

2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා අද (17) සිය සහතිකය සටහන් කළේය. එසේ සහතිකය සටහන් කරන ලද්දේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.