saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4266 hours ago

LATEST

වරාය නගරය කොමිෂන් සභාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැසසුම්

calendar_today 2023 ජන 21 - 19:29 remove_red_eye - 449  

2023.01.05 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කළේය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 දා පවත්වන බව මැතිවරණ කොමිෂම නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යාහ්න 12ට අවසන් විය.

Read More

නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21දා) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞදි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුව සෞදි සංචාරයට එක්වන විදේශ අමාත්‍යවාය ජනවාරි 23දා සෞදිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු ජනවාරි 27 දා දක්වා සෞදියේ සංචාරය කිරීමට නියමිතය.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයේදි බදුල්ල මහ නගර සභාවට නගරාධිපතිධුරයට ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා නාම යෝජනා භාරදුන් බව කියයි.

Read More

ඕනෑම අභියෝගයකට හා ඕනෑම බලවේගයකට ශක්තිමත්ව මුහුණ දී සමස්ත රට ජයග්‍රහණය කරන බවත් උතුරු නැගෙනහිර ඇතුළු පළාත් පාළන ආයතන 326 කට අත ලකුණින් තරග වැදී රටේ ජනතාව ජයග්‍රහණය කරවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පැවසීය.

Read More

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ සඳගල නැමැති පුරාවිද්‍යා වස්තුව සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

නුවරඑළිය, නානුඔය - රදැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් ළමුන් තිදෙනෙක් මියගොස ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරින් පුද්ගලයන් 7ක් මිය ගියේය.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2023.01.19 වන දින රැස්විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.

Read More

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු විය.

Read More

බේරුවල පාසලක 7 වසරේ සිසුවකුට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා තත්ත්වයකට වේවැලකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන එම පාසලේ සැකකාරගුරු හිමි නමක් බේරුවල පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

සංචාරක වීසා මගින් කාන්තාවක් නිතිවිරෝධි ලෙස ඕමානයට යවා ඇයට රැකියාවක් නොලැබීම හේතුවෙන් ආපසු ගෙන්වා ගැනීමට රු.460,000.00 ක මුදලක් ලබාගත් කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරින් මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

Read More

අධ්‍යාපන චාරිකාවක් සදහා නුවරඑළියට ගොස් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රි රෝද රථයක් ගැටී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නානුඔය - රැදැල්ල මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් හය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් සැගර්යාන් මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් සියයට 56කගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කර සිටී. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණයක් මගිනි

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර හමුවක් අද (20දා) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

හෙලිකොප්ටරය උඩ නග්ගනකොටම බිම වැටුණා. දැන් ඒකෙ තටු කැඩිලා යනුවෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය” පිළිබඳ සාකච්ඡාවක් අද (20දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා බවත් මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙවර පලාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කිරීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20දා) මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී වයි.වික්‍රමසිරි මහතා වෙත නාම යෝජනා භාර දුන්නේය.

Read More

සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (21දා) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

Read More

අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නැයි බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවය මුදල් අමාත්‍යංශය ඉදිරිපිට ලෝටස් පාරේ දී පැවැත්වේ.

Read More

වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඩ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි

Read More

මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව ඊයේ (19දා) රාත්‍රියේ , සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 989 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

Read More

ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී අද (20දා) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් එකම පවුලේ හතර දෙනෙකු සහ රියැදුරු ඇතුළු පහක් තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළු කර බව ගලේවෙල පොලිසිය පවසයි.

Read More

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවිල ප්‍රදේශයේ දී ගුවන් හමුදාකැබ් රථයක් ඊයේ (19දා) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් ගුවන් හමුදා හමුදා නිළධාරින් හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඒ මහතා ඇමෙරිකාවේ සිට ඕමානය වෙත පැමිණ තිබූ අතර අද අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.