දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය වරුන් හා සත්ව භාර කරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මව් උණුසුමෙන් පරිභාහිරව හැදී වැඩුණු මාස පහක් වයස " සිම්බා " සිංහ පැටවා 26 වන දින සිට දිනපතා පෙ.ව.9.30 - 10.30 හා ප.ව.2.30 - 3.30 යන කාල සීමාවන්වලදී ජාතික සත්වෝද්‍යාන අලි රංග පීඨ 1 හා ප්‍රධාන ආපනශාලාව අසල එලි මහන් පීඨයේදී මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය .
මේ වනවිට හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටින " චන්ඩි සහ මීරා " යන සිංහ යුවලට දාව මීට මාස පහකට පෙර උපත ලද මෙම සිම්බා සිංහ පැටවාට මව විසින් මව්කිරි නොදී පැටවා ප්‍රතික්ෂේප කිරීම නිසා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා සත්ව භාරකරුවන් වන කේ.එස්. අනුරසිරි හා ඉරංග ශ්‍යාමල් යන අයගේ භාරයට ගෙන හදාවඩා ගනු ලැබිණ.
මේ වනවිට මාස පහක් වයස වන සිංහ පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් හොදින් ආහාර ගැනීමද සත්ව භාරකරුවන්ගේ හුරතලය මැද යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසීය.
දෙහිවල ඒච්.ඒම්. ධර්මපාල

