saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

Latest News - timelapse 452 hours ago

LATEST

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

calendar_today 2025 ජන 23 - 17:53 remove_red_eye - 3299  

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

දුම්රිය E ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ පරීක්ෂණවලට අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Read More

2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේදී සියයට 12න් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට අද දින (2025.01.23) කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි.

Read More

පෙබරවාරි මාසයේදී වාහන ආනයනය කිරිමේදී අනිවාර්ය යෙන්ම වාහන මිල ඉහළ යන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. සිරස රූපවාහිනී නාළිකාවේ සටන වැඩසටහනේදී ඔහු මේ බව පැවැසීය. වාහන සම්බන්ධයෙන් වන දෙවැනි වෙළඳපොළට ගැටලුවක් ඇති නොවන පරිදි එම මිල ගණන්වලට වඩා ඉහළින් ආනයනය කරන වාහන තබා ගැනීමට සිදුවන බව ජනපතිවරයා සඳහන් කළේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිවුදෙනා ඇපමත මුදා හැරීමට අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර තිබෙනවා

Read More

අධිකරණයේ අත්හිටුවීම මත ප්‍රමාද වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින් සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත් මෝටර් රථයකට යටවී ම්යගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.

Read More

ඩීසල් ඉන්ධන වලට භූමිතෙල් මිශ්‍ර කර බෙදාහැරීමට සූදානම් කර තිබූ ඉන්ධන බවුසරයක් සපුගස්කන්ද පොලිස් වසමේ මාබිම ප්‍රදේශයේ දී පසුගියදා ( 21) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි

Read More

පාර්ලිමේන්තුවේ අදට (23දා) නියමිත පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ.

Read More

කොළඹ බදුල්ල අතර ධාවනය වන දුම්රියවලින් විදුරු හා ප්ලැස්ටික් හිස් බෝතල් 20000ක් පමණ මාසිකව එකතුවන බව එහි සේවකයෙක් පැවසීය.

Read More

මෝදර හියුබට් පෙදෙස නිවසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල් වඩමක් සහ ටි 56 ජීව උණ්ඩ 10 ක් තබා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි. නිවසේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව එම මල් වඩම සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම අත්‍යවශ්‍යයි

Read More

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීරණය කළේය.

Read More

මාස 11 සිගිති දැරියක අත දරාගෙන සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

Read More

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද(22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රා දේශීය ලේකම් කොට්ටඨාසයේ පුද්ගලයන් 100000ට පමණ සිය ගමනා ගමන හා ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චන්කර්නි පාලමේ ඉදිකිරිම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කරන බව මුදල් අමාත්‍යාංශ කියයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල විශාල වශයෙන් පොල් තොග ලැබුණද 22 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ පොල් ගෙඩි 1900 ක් පමණක් බවත් එය ලැබුණු විගසම අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එක පොල් ගෙඩියක් ක තොග මිල රුපියල් 175ක් ලෙස සටහන්ව තිබූ බව වෙළෙන්දෝ වැඩිදුරටද පෙන්වා දුන්නේය

Read More

සුඛෝපභෝගී නිවාස සහ හෝටල් අඩංගු ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සඳහා අක්කර 4.3 ක ඉඩම ‘වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර්’ සමාගමට බදු දීමේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 07ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශනය සඳහා නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන විමර්ශන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මියට රහස් පොලිසියට අද (22) නියම කළාය.

Read More

ජනතාවට සහන සැලසීමේ අපේක්ෂාවෙන් භාණ්ඩ වර්ග 10ක මිල අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම අද (22දා) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස නිවේදනය කරයි.

Read More

ඉතාලියේ සහ රුමෙනියාවේ රැකියා දෙන බව පවසමින් අතරමැදියකුගේ බැංකු ගිණුමක් යොදාගෙන විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බව කියන පුද්ගලයෙකු කළාතු ඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් ඊයේ (21) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

Read More

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙන ලදී.

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ප්‍ර වේශ පත්‍ර අලෙවිය මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රැදී සිටින විජේරාම මාවතේ අක්කර එකයි පර්චස් 13ක ඉඩමේ සකස් කර ඇති නිල නිවස වර්ග අඩි 33000ක් පමණක් බවත් රජයේ තක්සේරුව අනුව එම දේපලේ වටිනාකම රු. කෝටි 350ක් පමණ වන බවද ජනපතිවරයා පැවැසිය. එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් පමණක් වන බවට තක්සේරු දෙපාර්තමේන්තුව ගණන් බලා ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අද (22දා) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිට වෙත භාර දී තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.

Read More

කුකුළු මස් කොටස් චීනයට අපනයනය සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටිනවා.

Read More

බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ගොවින් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන්, තෙත වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කල යුතු බවත් සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් ලෙස තමන්ට ඒ සඳහා රජයට සහාය දැක්විය හැකි බවත් ජාතික සහල් කර්මාන්ත කරුවන්ගේ සම්මේලනයේ ලේකම් ඩබ්ලිව්. ඒ.ආර්.කේ.වික්‍රමාරච්චි පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.