මේ වසරේ මුල් මාස හයක කාලය තුළදී මෙරට වෙත අලුතින් මෝටර් රථ 327,000 කට වැඩි ගණනක් ආනයනය කර තිබෙන බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව මේ හරහා රජයට රුපියල් බිලියන 896.4ක රේගු බදු ආදායමක් හිමිව තිබේ.
ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා නිකුත් කළ මෝටර් රථ කර්මාන්ත වාර්තාව 2025/26 (Motor Vehicle Industry Report 2025/26) වාර්තාවේ මෙම කරුණු සඳහන්ව තිබේ. ෙ
මෙම වාර්තාව තුළ කර්මාන්තයේ ප්රවණතා, ප්රතිපත්ති වෙනස්කම්, වෙළෙඳපොළ දත්ත සහ ශ්රී ලංකාවේ මෝටර් රථ අංශයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව කරුණු ඇතුළත් වන බව සඳහන් වෙයි.