කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට (04) දින දහවල් වන විට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 3ක් දක්වා ලගා වි ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 162ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.7ක් දක්වා ලගා වී ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 125ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.
එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යැමත් සමග කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි එම විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.



