සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
ලොව බලගතුම සූර්ය දුරේක්ෂය භාවිතා කර විද්‍යාඥයින් විසින් අපගේ සූර්යයාගේ මතුපිට පෙර නොවූ විරූ මට්ටමේ සවිස්තරාත්මක බවකින් යුතුව ඡායාරූපගත කර ඇත.
මෙම ඡායාරූප සහ දර්ශන මගින් මීට පෙර දැකගත නොහැකි වූ ක්රියාකාරීත්වයන්ගෙන් යුත් "සුළි" පෙන්නුම් කෙරේ.උණුසුම් වායු චලනය වීම හේතුවෙන් සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය ඇඹරීමට සහ චලනය වීමට ලක්වීම මෙයට හේතුවයි.
එම නිරන්තර කැරකැවීමේ ක්‍රියාවලිය සූර්යයාගෙන් පිටවන ශක්ති ප්රවාහයන්ට බලපාන ප්‍රධාන සාධකයකි. එමගින් "අභ්‍යවකාශ කාලගුණය" (space weather) නිර්මාණය වන අතර, එයට පෘථිවියේ විදුලිබල පද්ධති සහ චන්ද්‍රිකා අඩාල කිරීමට මෙන්ම අභ්‍යවකාශගාමීන්ට හානි කිරීමට පවා හැකියාව ඇත.



"එම ශක්තියේ සහ අභ්‍යවකාශ කාලගුණයේ මූලාශ්‍රය වන්නේ සූර්යයායි," යනුවෙන් එක්සත් ජනපද ජාතික සූර්ය නිරීක්ෂණාගාරයේ (NSO) ආචාර්ය ඩේවිඩ් බොබෝල්ට්ස් පැහැදිලි කළේය.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ තාරකාව (සූර්යයා) පිළිබඳ වඩාත් සවිස්තරාත්මක ඡායාරූප ලබා ගැනීම එම කාලගුණික තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය.
"අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අවබෝධ කර ගැනීමට සහ අවසානයේදී එය පුරෝකථනය කිරීමට නම්, අපට සූර්යයාගේ භෞතික විද්‍යාත්මක ක්‍රියාවලීන් පිළිබඳව, ඉතා කුඩාම පරිමාණයේ සිටම අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය වේ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

