අවසර නොලත් නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදී අවහිර කළ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එම වෙබ් අඩවි 24 වලංගු බලපත්‍රයක් නොගෙන නීති විරෝධී ලෙස සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් එම වෙබි අඩවිවලට ප්රවේශවීම අවහිර කළ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.
එම වෙබ් අඩවි 24 සඳහා ශ්‍රී ලාංකිකයන් ප්රවේශවීම අවහිර කිරීම සඳහා මෙරට විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.