ඌරගස්මංහන්දිය මහ ඌරගහ පරුස්සගොඩ පදේශයේදී ඊයේ (5) පසවරුවේදී භාර්යාව අනියම් සම්බන්ධතාවක් පවත්වනවා යයි ඇතිවූ සැකය මත සැමියා විසින් සිය කුරුදු කපන කැත්තකින් භාර්යාවගේ ගෙල කපා ඝාතනය කොට ඇතැයි ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
පානදුර, පින්වත්ත ටිඩීමන් සිල්වා මාවතේ දී සුඛෝපභෝගී ජීප් රථයක් තුල කෝටිපති ව්‍යාපාරිකයකයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග ඊයේ (05) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මහනුවර වැවට පෙරළීම හේතුවෙන් එම විශේෂඥ වෛද්‍යවරයා සුළු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
Read Moreමහනුවර නගරයේ හෙරොයින් මත්ද්‍රව්‍ය මූලස්ථානය වශයෙන් සැලකෙන මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය ඉදිරිපිට බ්‍රෙසියර් වත්ත වශයෙන් හඳුන්වනු ලබන ස්ථානය වටලා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
Read Moreබියගම නව නුවර පාරේ පිහිටා තිබෙන බියගම ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ රුපියල් කෝටි පහක පමණ මුදලක් වැය කොට ඉදි කිරීමට යෝජිත දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේගේ පිළිමය නෙළීම සදහා රන් ගඩොල් ඇතිරීම හා එම භුමියේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම අද (5දා) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.
Read Moreඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන වැඩි ඉන්දියානුවන් පිරිසකට එම මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ භාවිත කිරීමට ඉඩ ලැබෙන බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
Read Moreයුධ හමුදා ක්‍රීඩා ඇඳුමින් සැරසී මේජර් වරයකු ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිටිපන මුර කුටියේ සෙබළුකු සන්තකේ තිබූ ටි 56 ගිනි අවිය සහ උන්ඩ 120 ක් අඩංගු මැගසින් හතරක් සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි
Read Moreරජය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreඉතාලි ජාතික තරුණියකගේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා (175,000) ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්සොරකම් කළ ත්‍රීරෝද රථ රියදුරෙකු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර දහයකට අත්හිටුවීමටපියවර ගෙන රුපියල් 1500කදඩයක් ද නියම කොටසොරකම් කරන ලද ජංගම දුරකතනය නැවතත් එම ඉතාලි ජාතික තරුණියටභාර දෙන ලෙස නියෝග කළේය .
Read Moreගිනිගත්හේන විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජන පදයේ විදුලි පාරිභෝගිකයන්ට දින 40කට පසු 2023 වසරේ පෙබරවාරි මසට අදාල විදුලි බිල්පත මනු කියවන්නා විසින් නිකුත් කිරිම නිසා විදුලි බිල අධික ලෙස වැඩිවිමෙන් එම ජනපදයේ විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
Read Moreඇල්ල ඔඩෙසි දුම්රිය සීතාවක ඔඩෙසි දුම්රිය පිළිබඳව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයට සත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2006 වසර මෙරටට චීනයේ සියැංජින් ෂපාරී උද්‍යානයෙන් ගෙන්වනු ලැබූ රොබින් හා කෙල්ල යන යුවලට ද්‍රාව 2022 මාර්තු මස 05 වන දින සත්වෝද්‍යානය තුළදී උපත ලද අකිරා, ඩියෝ , ඩූමා යන බෙන්ගාලි ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනාගේ පළමුවන උපන් දින සැමරුම අද (05ද)ා වන දින සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කරනු ලැබිණ.
Read Moreදුම්රිය රියදුරෙක් ලෙස වසර 38 ක් සේවය කළ හික්කඩුව ලියනගේ සිරිල් සුගතදාස මහතා ඊයේ (4) දා විශ්‍රාම ලැබූ අතර අවසන් වරට දුම්රිය ධාවනය පෙර ඔහු දුම්රියට වැඳ නමස්කාර කළේය.
Read More14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වෙයි. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති.
Read Moreමේ මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව දැනට පවතින මිල තව දුරටත් පවතින බවද සමාගම පවසයි.
Read More’’ ස්ථිර පදිංචියට හෝ දීර්ඝ කාලයකටවත් රට යෑමේ කිසිම සූදානමක් නෑ. මමත් මගේ පවුලේ අයත් ලංකාවේ සිටිනවා. රට යන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.’’ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreකොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා වන ශාම් කුමාර් කටයුතු කර තිබුණි.
Read Moreඋමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයතු මේ වන විට 97 % කින් අවසන් කර ඇති අතර ලබන ජුනි මස වන විට එය ජනතා අයිතියට පත්කළහැකි බව වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය .
Read Moreඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත් , එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණි .
Read Moreවරකාපොල නගරයේ අද අලුයම සිමෙන්ත් ප්‍රවාහනය කරන ට්‍රක් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක් තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.
Read Moreඅධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් ඒ අනුව වියදම් පෙළ ගස්සවා ගැනීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
Read Moreගෑස් මිල සූත්‍රය අනුව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ගෑස් මිල අඩුවනවාද වැඩිවනවාදය යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත.
Read Moreප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක්කර තිබේ.
Read Moreනාරම්මල සමෘද්ධි බැංකුවකින් ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් ලක්ෂ 925ක මුදලක් වංචා කළ සැකකාරියක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreනුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පසුගිය දා කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බස් රථයක් අනතුරට පත්වීමෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් වලට සහ තුවාල ලැබුවන්ට මුදල් ආධාර ලබාදීමට තර්ස්ටන් විදුහලේ සිසුන්, අදි සිසුන් ඇතුළු පිරිසක් පියවර ගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreචීන මහජන දේශපාලන උපදේශන වාර්ෂික සමුළුව අද (04දා) ආරම්භ වෙයි. චීනයේ ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්තිය කෙසේ සකස් විය යුතුදැයි මෙහිදී සැලකිල්ලට ගැනීමට නියමිතය.
Read Moreආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි.
Read More