පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් අද (02) පොතුපිටිය , රඹුක ප්‍රදේශයේ දී සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බව පොතුපිටිය පොලිසිය පවසයි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ඒ . වී . ජී ප්‍රේමලතා නැමැති වයස අවුරුදු 65 ක කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි. ඝාතනය සිදු කල බවට සැක කරන සැමියා වයස අවුරුදු 60 ක පුද්ගලයකු බවත් ඔහු විවාහ වී දරුවන් තිදෙනෙකු සිටින අතර එයින් දරුවන් දෙදෙනකු විවාහක බවත් පොලිසිය පැවසීය.
ඝාතනය සිදු කල බවට සැකකරන සැමියා වෙනත් කන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බවට මියගිය කාන්තාව අවස්ථා කිහිපයකදී පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පසුව අධිකරණය නියෝගයක් අනුව විවාහක කාන්තාව සමග වාසය කරන ලෙසත් පවසා තිබේ.
අද (02) වනදා ඇතිවූ ආරවුල දුර දිග යාම හේතුවෙන් තේ වත්තක තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා ඝාතනයට ලක්කර ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය . සැකකාර සැමියා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොතුපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් සරත් මහතාගේ උපදෙස් මත පොතුපිටිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම