saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4066 hours ago

LATEST

විරෝධතාවයෙන් තුවාල ලැබූ තිදෙනෙක් ජාතික රෝහලේ

calendar_today 2023 මාර් 07 - 21:07 remove_red_eye - 478  

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ග්ලෝකෝමාව මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වේ. කල් ඇතිව රෝගය හදුනා ගැනීම මගින් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ. වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2-3 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතුය. ලංකාවේ ද දහස් ගණනක් අන්ධභාවයට පත්ව ඇති අතර, දහස් ගණනක් අල්ප දෘෂ්ඨිකත්වයෙන් පීඩා විදිති.

Read More

’’රටේ බහුතරයක් ජනතාව මෙම අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ. රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ආර්ථිකය බිඳ වැටිලා. බොහෝ දෙනෙකුගේ ජීවන මාර්ග ඇහිරිළා. සමහරුන්ට ආර්ථික අර්බුදයත් එක්ක රැකියා අහිමි වෙලා. නැවතත් ජාත්‍යන්තරය තුළ අපේ රට පිළිබඳ විශ්වාසය තහවුරු කර ගැනීම අවශ්‍ය වී තිබෙනවා. එවැනි තත්ත්වයක පවතින හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වාගේ මැතිවරණ පැවැත්වීමෙන් විතරක් විසඳුම් සොයන්න බැහැ.’’

Read More

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.

Read More

කල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අප්‍රේල් 25 සුදුසු දිනයක් බව මැතිවරණ කොමිෂම තිරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් විවිධ ගැටලු හේතුවෙන් එම මැතිවරණය කල් දැමිමට සිදුවිය.

Read More

මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

කොළඹ - නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍ර දේශයේදී මහනුවර සිට කොළඹට ධාවනය වූ ලංගම බස් රථයක් හා මීගමුව සිට මහනුවරට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මුහුණ මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

Read More

වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07දා) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි.

Read More

ත්‍රීරෝද රථ සොරකම් වලට සම්බන්ධ පස් දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් විමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව අද දිනයේදී නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.75ක් වූ අතර එහි ගැණුම් මිල රුපියල් 318.30ක් විය.

Read More

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් දික්ඔය වනරාජා වත්තේ මැණික් වත්ත කොටස ඇතුළු වතු ගණනාවක විදුලි පාරිභෝගිකයන්ට සිව් මසක් තිස්සේ මාසික විදුලි බිල්පත් නිකුත් නොකිරිමෙන් එම විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

Read More

තඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, තම මව සහ පියා වෙළඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවලදී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි

Read More

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ’’ ලෝක නිරූපණ ශිල්පිනී - 2023 ( Top Model Of The World - 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදළි පීරිස් මෙනවිය 03/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

මැතිවරණයක් පවත්වන්නේ රට ස්ථාවර වූ පසුබ බවත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ රජයේ වැඩසටහනට එක්වන ලෙසට විපක්ෂයට ආරාධනා කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට චීනය එකඟතාව දක්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.03.07 දින පැවසිය.

Read More

කෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද චීනය 2023 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය.

Read More

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.

Read More

හෙයියන්තුඩුව පුදේශයේ ගබඩා අංගනයකින් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වාහන අමතර කොටස් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සපුගස්කන්ද පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ලෝක ප්‍රකට සංචාරක පුරවරයක් වන බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල නගරයේ පොදු වැසිකිලියක් , පානීය ජල කරාමයක් හා මළ අපද්‍රව්‍ය පවාහන කානු පද්ධතියක් නොමැති බව පැවසුවහොත් ඔබත් පුදුම වේවි .

Read More

හුංගම ප්‍ර දේශයේ කහමෝදර මාදැල් වරාය ප්‍ර දේශයේ කලපුවක බැස දිය නාමින් සිටි 47 හැවැරිදි රුසියානු ජාතිකයෙක් දියේ ගාලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

Read More

වසරේ ගතවූ කාලය තුළ පැවැති උද්ඝෝෂණ හා විරෝධතා නිසා පෞද්ගලික බස් රථවලට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 500කට ආසන්න බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Read More

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනය තුළ ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බවත් හෙට දිනයේදී කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිිහිටා ඇති අරංගල පර්වථය ආශ්‍රීත සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා වු මුලික නිරික්ෂණ කටයුතු පසුගිය දා (04) සිදු කෙරිනි.

Read More

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ගවයින්ට වැළඳී ඇති වසූරිය තත්වය වේගයෙන් පැතිරෙන බවත් එය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් පශුසම්පත් නිලධාරීන් පවසයි

Read More

වැලිමඩ අධ්‍යාපන කළාපයේ කැප්පෙටිපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු තම පාසලේ රූමත් සිසුවියන්ට දීර්ඝ කාලයක් තිස්සේ රාත්‍රි කාලයේදි වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම් සම්බන්ධයෙන් ලැබුන පැමිණිලි මත විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපනශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයකට අවශ්‍යව සිටි ’’බුරු මුනා’’ නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන අඹු සැමි යුවල අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

විවිවාහ මංගල්‍යදා තම හොඳම මිතුරා ගේ දෙපා වැද මින් මතු කිසිම දිනක තම නිවසට පැමිණෙමින් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු මනාලයකු පිළිබඳ පුවතක් දඹුල්ල නාගරික බල ප්‍රදේශයට නොදුරු ගමකින් වාර්තාවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.