ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (02දා) සියලුම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් සේවයෙන් ඉවත්ව සිටිමේ එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි. මෙම වැඩ වර්ජනයට සමගාමීව අද රාජ්‍ය විශ්ව විද්‍යාල සුරකින ලෙස ඉල්ලා කොළඹ මහජන පුස්තකාලයේදී විද්වතුන්ගේ සහාභාගිත්වයෙන් මහජන සම්මන්ත්රණයක්ද පැවැත් විමට කටයුතු කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.
විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ විශාල හිඟයක් ඇති වී තිබුණත් පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා තවමත් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව විශ්ව විද්‍යාල නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ලබා දීමක් සිදුනොකරන බවත්, මේ නිසා නඩත්තුවට ප්‍රමාණවත් මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා හා විශ්ව විද්‍යාලවල පවතින සම්පත් හිඟයට විසඳුම් ඉල්ලා මෙම එක් දින වැඩ වර්ජනය සිදුකරන බවත් සඳහන් කළේය.