මසකට නිවසක කිලෝවොට් පැය 60-90ත් අතර ප්‍රමාණයක් භාවිත කිරීමට නොහැකි නම්, එම නිවස විදුලි දරිද්‍රතාවට යටත් වන බවත්, ඒ අනුව විදුලි දරිද්‍රතාවෙන් පෙලෙන රටක් දියුණු කළ නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
&අලුත්ම දත්තවලට සමාගම් බදු සහ පුද්ගලික ආදායම් බදුවලින් රජය බිලියන 718ක් බලාපොරොත්තු වුණා. දැන් ලැබිලා තියෙනවා බිලියන 495ක්. එකතු කළ අගය මත බද්දෙන් බිලියන 100ක් බලාපොරොත්තු වුණා. ලැබිලා තියෙනවා බිලියන 119 ක්. ස්වෙච්ඡාවෙන් ගෙවිය යුතු බදු මුදල් ලැබිලා නෑ. බලෙන් කපාගන්න බදු මුදල් රජය ලබාගෙන තිබෙනවා. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා රැකීම වෙළෙඳ භාණ්ඩ බද්දෙන් බිලියන 90ක් බලාපොරොත්තු වුණා. ලැබිලා තියෙනවා බිලියන 122ක්. කැසිනෝ බද්දෙන් බිලියන 10ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 5.6ක්. එකතු කළ අගය මත බද්දෙන් බිලියන 553ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 350ක්.
එකතු කළ අගය මත බද්ද 18෴ක් දක්වා වැඩි කිරීමෙන් මේ වසරේ වෙනසක් සිදුවෙන්නේ නෑ. 2024දී තමයි වෙනසක් සිදුවෙන්නේ. එකතු කළ අගය මත බද්දෙන් ලැබිලා තිබෙන ප්‍රමාණය අඩුයි.
රජය සම්පූර්ණ අවදානය යොමුකරලා තියෙන්නේ රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා. වැට් එක 8෴ක් දක්වා පහළ දමලා විවිධ කතා කියලා. දැන් වැඩි කරන්න හදනවා. ආණ්ඩුවේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති පිරිසක්. ස්වෙච්ඡාවෙන් බදු ගෙවන පිරිසගේ බදු එකතු කර ගන්නේ කොහොමද කියලා රජය කටයුතු කරන්න ඕන.
ලංකා විදුලි බලමණ්ඩලයේ පාඩුව නැති කර ගන්න විදුලි බිල වැඩි කළා. ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව අඩු කර ගන්න තෙල් මිල වැඩි කළා. විදුලිය නිපදවන්න යන වියදම අය කර ගන්න ඕන. ඒ අය කර ගැනීම සාධාරණව අය කරගත යුතුයි. විදුලිය සඳහා අය කිරීමේදී විදුලිය භාවිත කරන ක්‍රමය වෙනස් වෙනවාද කියලා බලන්න ඕන. මාසයකට නිවසක කිලෝවොට් පැය 60-90ත් අතර ප්‍රමාණයක් භාවිත කරන්න බැරි නම්, එම නිවස විදුලි දරිද්‍රතාවට යටත් වෙනවා.‘‘*