ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම අද (13) පෙ.ව. 6.17ට යෙදෙන සුබ නැකතට සිදු කෙරිණ.
ඉන් අනතුරුව අගෝස්තු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.
පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.
පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනිදා වීථි සංචාරය කිරිමට නියමිතය.